BREAKING NEWS: ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගැන කතානායකගෙන් හදිසි ප්‍රකාශයක් (VIDEO)

0
221

අද (ජූලි 13) දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් තමන් වෙත ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශ කළේ, දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා මේ බව තමන් වෙත දැනුම් දුන් බව ය.

“අතිගරු ජනාධිපති තුමා මීට සුළු මොහොතකට පෙර මා හා දුරකතනයෙන් සම්බන්ධ වී එතුමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද දින තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ මා හට ලැබීමට සලස්වන බව ත් මට ප්‍රකාශ කරන ලෙස දන්වන ලදී.”

ඒ අනුව, ජූලි 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමෙන් සිදු වන බව ඔහු පැවසීය.

එබැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ත් සාමකාමීව කටයුතු කරන ලෙස ත් කතානායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.