අද පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

0
461

අද (ජූලි 13) පස්වරු 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

මේ අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේ, ජනාධිපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් ලබා දී අද දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවට ප්‍රකාශ කළ බව ය.

“අතිගරු ජනාධිපති තුමා මීට සුළු මොහොතකට පෙර මා හා දුරකතනයෙන් සම්බන්ධ වී එතුමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද දින තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ මා හට ලැබීමට සලස්වන බව ත් මට ප්‍රකාශ කරන ලෙස දන්වන ලදී.”

ඒ අනුව, ජූලි 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමෙන් සිදු වන බව ඔහු පැවසීය.

එබැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ත් සාමකාමීව කටයුතු කරන ලෙස ත් කතානායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.