පන්සලේ වෙන්දේසියේදී මල් වට්ටිය 270,000කට ගිහින්

0
87

නාඋල – බිබිල බෝධිමළු විහාරස්ථානය සංවිධාන කළ ගීත නාට්‍ය සන්දර්ශන මාලාවේ  පැවැති කුසුම් බඳුන් වෙන්දේසියේදී කුසුම් බඳුන රුපියල් දෙලක්ෂ හැත්තෑදහසකට අලෙවි වූ බව සංවිධායක මණ්ඩලය කීය.

වසර ගණනාවකට පසු බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන වාහල්කඩේ ඉදිරි වැඩකටයුතු නිම කිරීමේ අරමුණින් පසුගිය 08 සිට 11 වැනි දින දක්වා පුරා දින හතරක් විවිධ පින්කම් රැසක් විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

අතිතයේද ගම්මානවල අස්වනු ලැබීමෙන් පසු වෙහෙර විහාරස්ථාන ආශි්‍රතව ගීත නාට්‍ය සන්දර්ශන පැවැති අතර මෙවර රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන හා ආර්ථික ගැටලු මැද අති විශාල පිරිසක් පාගමනින් හා පාපැදි ඇසුරෙන් විහාරස්ථානයට ළඟාවී සිටියහ.

නාඋල – බිබිල බෝධිමළු විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දමුණුමුල්ලේ විජිතනන්ද හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව වැඩසටහන සංවිධාන කර තිබිණි. පුරා දින හතරක් දිවයිනේ ජනප්‍රිය ගීත නාට්‍ය කණ්ඩායමක් වන මහකෙළිය, වාරියපොල ස්වර්ණ හංස කලා සංගමය විසින් නාට්‍ය සන්දර්ශන මාලාව ඉදිරිපත් කරන ලදී.

නාඋල – අයි. ඒ. කුමාර