BREAKING NEWS: ගෝඨාභය සිටින තැන ගැන කතානායකගෙන් ඉඟියක්

0
486

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගොස් ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

බී.බී.සී. පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

කතානායකවරයා සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ආසන්නයේ කොහෝ හෝ ස්ථානයක සිටින බව ය.

ජූලි 13 බදාදා වන විට ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇති බව ද කතානායකවරයා එහිදී සඳහන් කළේ ය.

එමෙන් ම, එදින ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ද ඔහු බී.බී.සී. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

Q: Where the president is now?

A: At the moment he’s somewhere in nearby country.

Q: He’s left Sri Lanka?

A: Yeah.

Q: Does he intent to return?

A: Yeah. He will come back on the… Tuesday… Wednesday he would be here.

Q: And when will he step down? On the 13th?

A: 13th. Yes.

Q: On Wednesday?

A: He told me that he would be stepping down on 13th.

එම ප්‍රවෘත්ති ප්‍රකාශයට මෙතැනින් සවන් දෙන්න…