BREAKING NEWS: “ජනපති රටේ නැති බව කීවේ වැරදිලා”: කතානායක ඉන්දීය මාධ්‍ය වෙත කියයි

0
389

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ANI සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, බී.බී.සී. පුවත් සේවය සමග පැවති සමග සම්මුඛ සාකච්ඡාවේදී තමන් එලෙස ප්‍රකාශ කළේ වැරදීමකින් බව ය.

මේ පිළිබඳව ANI සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගොස් ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන බී.බී.සී. පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.