JUST IN: ජූලි 12 සිට දුම්රිය ගාස්තුව ත් ඉහළට: අවම ගාස්තුව රු. 20ක්

0
1292

ජූලි මස 12 වන දා සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවේශ පත්‍රයක අවම ගාස්තුව රුපියල් 20ක් වනු ඇත.

මෙම ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් පත්‍රයේ කෙටුම්පත මේ වන විට රජයේ මුද්‍රණාලයට ලැබී තිබේ.‍‍

කෙසේ වෙතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, ගැසට් පත්‍රය නිකුත් කිරීමට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව ය.‍

උපදෙස් ලැබුණු පසු එය නිකුත් කරන බව ද ඇය සඳහන් කළා ය.