පවතින ඉන්ධන අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් වෙත උපදෙස් දෙනු ලැබීය.
පසුගිය බදාදා (06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කර තිබිණි.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් ලබා දී තිබූ අතර, ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ත්, ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි, නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්වූහ.
ඒයි පිනා උඹගේ කමිටු ගෝටා එක්ක කරපිය … දැන් අපි අරගලය දිනලා ඉවරයි දැන් තියෙන්නේ අපේ වාරය දියවන්නාවේ නාන්න ඕනෙද උඹට ?
හුතුල, තෝද රට කරන්නේ තොගේ අම්මද?
Comments are closed.