බිරිඳගේ ඥාතීන් සිදු කළ පහර දීමකින් සැමියා මරුට

0
431

සන්දිවේලි ප්‍රදේශයේදී නිවසක ඇති වූ පුද්ගලික ආරවුලකදී කාන්තාවකගේ ඥාතීන් පිරිසක් ඊයේ (ජූලි 6) රාත්‍රී කාලයේදී සිය සැමියාට සිදු කළ පහර දීමකින් එම පුද්ගලයා මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සදහන් කළේ, නිවසක ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් අදාළ පුද්ගලයා සිදුකළ පහර දීමකින් බිරිඳ තුවාල ලබා රෝහල් ගතකර තිබුණු බව ය.

ඊට උරණ වූ බිරිඳගේ ඥාතීන් පිරිසක් විසින් සැමියාට සිදු කරන ලද පහර දීමෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

එම ආරවුල අතරතුරදී මරණකරුගේ ඥාතීන් තිදෙනෙකු ද තුවල ලබා ප්‍රතිකාර සඳහා සන්දිවේලි රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මරණකරුගේ ඥාතීන් බවට හඳුනාගෙන ඇති බව ය.

ඝාතනය සඳහා යොදාගත් කැත්තක් හා පොල්ලක් ද අපරාධ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සන්දිවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.