නාගරික මන්ත්‍රීවරු තුවක්කු ඉල්ලති

1
302

ඉදිරි ආරක්ෂාව සඳහා නාගරික මන්ත්‍රීවරුන්ට තුවක්කු ලබා දීම සුදුසු බව අනුරාධපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ටී.එම්. ධර්මසේන මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එලෙස පැවැසුවේ ඊයේ (ජූලි 5) අනුරාධපුර මහ නගර සභා රැස්වීමේදී ය. පසුගිය කාලයේ මහජන නියෝජිතයන්ට හා ඔවුන්ගේ දේපළවලට බලවත් ලෙස හානි සිදුවූ බව ත් ඉදිරියේ ද එවැනි වාතාවරණයක පෙරනිමිති පහළ වී ඇති බව ත් පැවසූ මන්ත්‍රීවරයා ඒ හේතුව නිසා නාගරික මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ආයුධ ලබාදිය යුතු බව ද පෙන්වා දුන්නේය.

යෝජනාවට පක්ෂව කරුණු දැක්වූ නගරාධිපතිවරයා පැවසුවේ, පසුගිය 9 වන දා තම නිවසට හා දේපළවලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ තමන් සතුව ආයුධයක් තිබුණේ නම් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි නොපැමිණි අය කවුරුන් දැයි හෙළි කිරීමට ඉඩ තිබූ බව ය. මෙහිදී කරුණු දැක්වූ නාගරික මන්ත්‍රී විරාජ් රණවීර මහතා ඉල්ලා සිටියේ, එම ප්‍රකාශය සභා වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් නාගරික මන්ත්‍රීවරුන්ට ආයුධ ලබා දීමේ යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අදහස් දැක්වූහ.

  • සුමේධ කරුණාරත්න – මිහින්තලේ

1 COMMENT

Comments are closed.