බලාගාර දෙකක ජලය අපතේ යැවූ ඉන්ජිනේරු දෙන්නාගේ වැඩ තහනම්

8
2966

විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉකුත් ජූනි 9 වන දා විදුලි ඉන්ජිනේරුවන් විසින් රට පුරා ක්‍රියාත්මක කළ විරෝධය අතරතුර ජල විදුලි භාවිත නොකර සිතාමතා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කළැයි චෝදනා මත ලංවිම ප්‍රධාන විදුලි ඉන්ජිනේරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අනුව මෙම වැඩ තහනම් කිරීම කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කොට ඇත්තේ පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයෙකු සේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලහකෝන් සහ ප්‍රධාන ඉන්ජිනේරුවරයෙකු සේම ඉන්ජිනේරුවන්ගේ සංගමයේ සම ලේකම් වන එරංග කුඩාහේවාගේ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (ජූලි 5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

8 COMMENTS

  1. මෙ වතුර යවන එක එදා ඉන්දලා වෙන දෙයක්. මෙවා ජාතික අපරාද
    මුන්වව හිරෙ අරින්න ඔන.

  2. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය අපතේ මුදා හැරපු රට අගාධයකට ඇදල දාපු මේ ඉංජිනේරුවන් එල්ලලා උල තියන්න ඕන.මේවා ජාතික අපරාද.මුන්ට නං කවදාවත් හොඳක් වෙන්න එපා …

Comments are closed.