The International School of Western Australia සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව රැසක් පිරිනමයි

0
69

Western Australian Certificate of Education (WACE) අධ්‍යාපන ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ පළමුවරට ස්ථාපනය කළ The International School of Western Australia (ISWA) නවක සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව පළමු කණ්ඩායමට පළමුව පැමිණෙන සිසු සිසුවියන්ට 50% කින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව අඩු කරන ශිෂ්‍යත්වයක් පිරිනමයි. The International School of Western Australia වෙත ඇතුළු වන සිසුන්ට අතිරේක පන්ති (Tution Classes) සඳහා  අමතර වියදමක් දැරීමට සිදු නොවේ. WACE උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට ලොව පුරා බොහෝ විශ්වවිද්‍යාලවලින් සමස්ත පාඨමාලා ගාස්තුවෙන් 25%ක අඩු කිරීමක් සහිත ශිෂ්‍යත්ව ලබාගත හැකිය.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමටද මෙම WACE අධ්‍යාපන ක්‍රමවේදය සුවිශාල පිටිවහලක් වන අතර IIHS ආයතනයට අනුබද්ධ International School of Western Australia (ISWA) ශ්‍රී ලංකාවට ප්‍රථම වරට එම ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. තත්ත්වයෙන්, ගුණාත්මක භාවයෙන් හා ප්‍රමිතියෙන් ඉහළ WACE ක්‍රමවේදය යටතේ සිය උසස් අධ්‍යාපන සිහින ජය ගැනීමට ශ්‍රී ලාංකේය සිසු පරපුරට උදාවන මහඟු අවස්ථාවක් ලෙස මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හඳුන්වා දිය හැකිය. වත්මන් ආර්ථික අර්බුද සමයේ සිය දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසෙන මවුපියන්ටද මෙය සුවිශාල සහනයක් වනු නිසැකය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ කීර්තිමත් ඉතිහාසයක් සහිත IIHS ආයතනය ISWA වෙත සිය දරුවන් යොමු කිරීමෙන් සාධාරණ මූල්‍ය ක්‍රමවේදයක් යටතේ මෙම ශිෂ්‍යත්වවල වාසියද ලබා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම මේ මොහොතේ මවුපියන්ට ගත හැකි වටිනා තීරණයක් බව IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවැසීය. එසේම මේ හරහා ලොව ඕනෑම රටක ඉහළ පිළිගැනීමක් සහ ඉහළ වැටුප් සහිත වෘත්තීය අවස්ථා රැසක් උදාකර ගත හැකි බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.