NDB සල්ලි රටින් දිනුම අපෙන් වෙස්ටර්න් යූනියන් පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනමය

0
63

NDB බැංකුවේ “සල්ලි රටින් දිනුම අපෙන්” ප්‍රවර්ධන වැඩසටහනේ මාසික වාසනාවන්ත ජයග්‍රාහිකාව බවට පත්වූ කෑගල්ලේ ජෙපින් නෝනා වෙත රුපියල් 100,000ක මුදල් ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී.

පළමු සතියේ දිනපතා දිනුම් ඇදීමෙන් සෑම් ඔග්ස්ටින් (කඳාන), රේණුකා මෙන්ඩිස් (වත්තල), නිමල් දෙහිවලගේ (කොච්චිකඩේ), රොෂාන් සුජීව (කළුතර), එම් ෆෙරේරා (තලවතුගොඩ), කේ. චාමර (වැලිමඩ) සහ තාරක වික්‍රමනායක (යටියන්තොට) රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක වාසනාවන්ත ජයග්‍රාහකයන් බවට පත් විය. එම සතියේ සතිපතා දිනුම් ඇදීමෙන් රාජනාදන් ක්‍රිෂ්ණරූබන් (ත්‍රිකුණාමලය) රුපියල් 50,000 වාසනාවන්ත ජයග්‍රාහකයා විය.

දෙවැනි සතියේ දිනපතා දිනුම් ඇදීමෙන් නදීෂා උඩගේපලෙගෙදර (හික්කඩුව), චමිල් ගාල්ලගේ (සීදුව), රෝෂිනී වීරසූරිය (රත්මලාන), අලගරාජාසිවමනි (යක්කලමුල්ල), චමිලා ලියදිපිට (වැලිමඩ), එච්. එම්. හංසිකා දලංජලී (හෙට්ටිපොළ) සහ විතානපාලිත සංජීව  රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක වාසනාවන්ත ජයග්‍රාහකයන් බවට පත් විය. සතිපතා දිනුම් ඇදීමෙන් මුබීන් මුස්රිබ් (පිටකොටුව) වාසනාවන්ත ජයග්‍රාහකයා රුපියල් 50,000ක් දිනාගන්නා ලදී.

තුන්වැනි සහ සිව්වැනි සතිවලදී දිනපතා දිනුම් ඇදීමෙන්  වාසනාවන්ත ජයග්‍රාහකයන් ලෙස මුතුකුඩ ආරච්චිගේ රුවන්(කුරුණගල), මොහොමඩ් සිෆියාන් (නාත්තන්ඩිය), විතංගේ මල්කා (කළුතර), ටී. ජාලිනි (චෙන්කලඩි), අබේසිරි මුණසිංහ (ගාල්ල), පුෂ්පා කුමාරි (මැණික්හින්න), එම්. නිරංජලා (නාත්තන්ඩිය), ඩී. පුන්චිඅප්පුහාමි (බදුල්ල), ජෙරි තුරෙයිරාජා (චාවකච්චේරි), මොහොමඩ් මර්ජුන (නාත්තන්ඩිය), දමයන්ත සිල්වා (බණ්ඩාරවෙල), මෙරිනා ගුණසේකර (නාරාහේන්පිට), දිලුම් කෞෂාල් රත්නායක (මිනුවන්ගොඩ) සහ එස්. පරමලිංගම් (වත්තේගම) රුපියල් 10,000 මුදල් ත්‍යාග දිනාගන්නා ලදී. සතිපතා දිනුම් ඇදීමෙන් හෂිකා මධුෂානි (නාත්තන්ඩිය) සහ ජෙරල්ජඩින් (වැල්ලවත්ත) රුපියල් 50,000 වාසනාවන්ත ජයග්‍රාහකයන් විය.

NDB බැංකුව මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කරනු ලැබුවේ රුපියල් මිලියනයකට වඩා වටිනා මුදල් ත්‍යාග ලබාදීමෙන් ශ්‍රී ලංකාව තුළ  විදේශ මුදල්  ප්‍රේෂණ දිරිගැන්වීම සඳහාය. NDB බැංකුවෙන් හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB), සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී, Sarvodaya Development Finance Limited (SDF සහ සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් PLC (CDB) ඇතුළු NDB බැංකුවේ ලියාපදිංචි නියෝජිතායතනවලින් Western Union හරහා එවන මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සදහා සුදුසුකම් ලබයි. ඒ අනුව, දිවයින පුරා විසිරී ඇති ස්ථාන 979ක්  (උප නියෝජිත – 866 සහ NDB 113) මඟින් ගනුදෙනුකරුවන්ට NDB වෙස්ටර්න් යුනියන් සේවාවෙන් මුදල් ලබාගත හැක.

NDB කෑගල්ල ශාඛාවේ කළමනාකරු සීවලී ඉලංගසිංහ විසින් ජෙපින් නෝනා වෙත චෙක්පත ලබාදෙන අවස්ථාව.