HNB FINANCE PLC අම්බලන්ගොඩ ශාඛාව නව නිවහනකට

0
50

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව පසුගිය ජුනි 8 වැනි දින, අංක 97 ගාලු පාර, අම්බලන්ගොඩ (රොසෙත් හන්දිය) දරණ ලිපිනයෙහි නව කාර්යාල පරිශ්‍රයකට ගෙනයන ලදී. 

නව පරිශ්‍රයට ගෙවදීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLCහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.

නව පරිශ්‍රයට ගෙවදීමට  සමගාමීව HNB FINANCE රන් ණය සේවාවද අම්බලන්ගොඩ ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර කල්බදු සේවා (Leasing) ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්‍ය සේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.

වඩාත් පහසුකම් සහිත නව පරිශ්‍රයට ගෙවදිමින් ඉන් සලසාලීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්  මහතා  “වසර දහහතකට අධික කාලයක් අම්බලන්ගොඩ හා  ඉන් අවට පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා අනුපමේය සේවාවක් HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව විසින් ඉටුකළ අතර මෙතැන් සිට අපගේ රන් ණය සේවා මධ්‍යස්ථානයෙන්ද  වඩාත් ප්‍රශස්ත විශ්වසනීය හා ආකර්ශනීය සේවාවක් අම්බලන්ගොඩ සහ ඒ අවට ජනතාවට ඉටුකරනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් පැවැසීය.