ඉන්ධන හලකට පහර දී පොලිස් නිලධාරියෙකුට ද තුවාල කළ 13 දෙනෙක් අත්අඩංගුවට

0
130

වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන හලක කලාහකාරී ලෙස හැසිරෙමින් ඊ‍යේ (ජූලි 5) රාත්‍රී කාලයේදී එම ඉන්ධන හලට පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 18ත් 45ත් අතර වූ පස්සර, ඇතිලිවැව, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පොලිසිය සඳහන් කළේ, එම පිරවුම් හලේ ඉන්ධන නිකුත් කරමින් සිටින අවස්ථාවේදී එහි ඉන්ධන අවසන් වීමෙන් පසුව ඒ බව ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට දැනුම් දීමෙන් අනතුරුව ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අදාළ පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් ඉන්ධන හලට ගල් සහ බෝතල්වලින් පහර දී ඇති බව ය.

එම සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඉන්ධන හලේ නාම පුවරුවට ද හානි සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයයන් සැකකරුවන් 13 දෙනෙකු සහ යතුරුපැදි 20ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අද (ජූලි 6) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය මගින් සිදු කරයි.