සෙලාන් බැංකුව, LANKA QR සේවාව බස්නාහිර පළාතෙන් පිටත ප්‍රචලිත කිරීම සඳහා පෙරමුණ ගනී

0
41

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව “Seylan Pay QR Carnival” නමින් විශේෂ උත්සවයක් කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. මෙරට තුළ ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වාදී ඇති LANKA QR සේවාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරවීම මෙහි අරමුණ විය. විශේෂයෙන්ම ප්‍රදේශයේ වෙළෙඳුන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන පැවැති මෙම වැඩසටහන කුරුණෑගල  වෙහෙර /වැහැර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ, LANKA QR කමිටුවේ සහ හවුල්කාර බැංකුවල නියෝජිතයෝ පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

LANKA QR සේවාව ජාතික  මට්ටමින් ක්‍රියාවට නැංවීමේ වැඩසටහනේ 14 වන අදියර ලෙස පැවති මෙම සැණකෙළියට විශාල වෙළෙ¾දුන් පිරිසක් එක්වී සිටි අතර, එම අවස්ථාවේදී වෙළෙඳුන් 100කට අධික පිරිසක් මෙම සේවාව සඳහා සම්බන්ධ කරගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. සමස්තයක් ලෙස 1,000කට අධික පාරිභෝගිකයන් පිරිසක් මෙම සැණකෙළිය දැකබලා ගැනීමට පැමිණි අතර, එය අදාළ වෙළෙඳුන්ට තම භාණ්ඩ අලෙවි කරගැනීමටත් දිස්ත්‍රික්කය තුළ LANKA QR සේවාව තවදුරටත් ප්‍රචලිත කිරීමටත් ලැබුණු අගනා අවස්ථාවක් විය. 

උත්සවයේ ප්‍රධාන අංගය ලෙස, සෙලාන් බැංකුව විසින් සිය QR ගෙවීම් පද්ධතිය වන SeylanPay ජංගම යෙදුම භාවිතා කරන ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන ලදී. සැණකෙළි භූමියෙහි ඇඳුම් පැලඳුම් සහ ආයිත්තම්, තෑගි භාණ්ඩ, ආහාර, රසකැවිලි, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ, පැළ වර්ග, රූපලාවණ්‍ය භාණ්ඩ සහ වාහන අමතර කොටස් ආදිය අලෙවි කරන කුටි 50 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබූ අතර QR මඟින් ගෙවීම් කිරීමේදී පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හිමි විය.

මේ දක්වා දිවයින පුරා පැපැති LANKA QR ප්‍රවර්ධන වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් සහභා0ගි වූ වැඩසටහන මෙය වීම විශේෂත්වයකි. පාරිභෝගිකයන්ට මුදල් ලබාගැනීමට සහ තම ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ ජංගම ATM යන්ත්‍රයක්ද සැණකෙළි භූමියේ රඳවා තිබිණි. මීට අමතරව දරුවන්ට කෙළි සෙල්ලම් කිරීම සඳහා වෙනම ස්ථානයක් වෙන්කර තිබූ අතර වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත සන්දර්ශනයක්ද පවත්වන ලදී.

“රටේ බැංකු හා මූල්‍ය සේවා ජාලය සහ එම කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමේ මෙහෙවර යටතේ අප LANKA QR ජාතික ප්‍රවර්ධන වැඩසටහනේ 14 වන අදියර මෙලෙස සංවිධානය කිරීමට කටයුතු කළා. ගනුදෙනුවල කාර්යක්ෂමතාව සහ ඉතිරිය සම්බන්ධයෙන් ගත්විට මෙම ක්‍රමය මගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමට පුළුවන්. අතීතයේ පටන්ම මෙම කාණ්ඩයේ ව්‍යාපාරවලට අත්වැලක් වූ බැංකුවක් වශයෙන්, මෙලෙස LANKA QR සමඟ අත්වැල් බැඳගෙන එම ව්‍යාපාර ක්ෂේත්‍රය මෙන්ම සමස්තයක් ලෙස රටේ ගනුදෙනු ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමට දායකත්වය ලබාදීමට හැකි වීම අපට සතුටක්.” සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ නාළිකා ප්‍රධානී චාමින්ද සෙනෙවිරත්න මහතා පැවැසීය. 

ගනුදෙනුවලදී මුදල් භාවිතය අවම කරමින්, රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී LANKA QR සේවාව හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහනට මෙරට බැංකු, මූල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් (පෞද්.) සමාගම වෙතින් නොමඳ සහයෝගය හිමි විය. මේ වනවිට මෙම සේවාව විශේෂයෙන්ම සුළු හා මධ්‍ය ව්‍යාපාරවලට ප්‍රතිලාභ රැසක් සලසන ආකර්ෂණීය විසඳුමක් බවට පත් වී තිබේ.