විශ්‍රාමික බැංකු නිලධාරියා බොරැල්ල තෙල් පෝලිමේදී මරුට

0
31

බොරැල්ල ටිකල් පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයකු තම මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය තැනැත්තා අංගොඩ, ගොතටුව පදිංචි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න (60) නමැති විශ්‍රාමික බැංකු විධායක නිලධාරියෙකි.

මියගිය තැනැත්තා ඊයේ (5දා) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ඉන්ධනහල වෙත පැමිණ ඇතැයි කියයි.

මරණකරුගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තැන්පත් කර ඇත. බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිඟුන් මේනක ගමගේ