මේ මස පළමුවැනි දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.3% කින් අවප්‍රමාණය වූ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් එම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව 40% කින් යූරෝවලට සාපේක්ෂ 39.7% කින් ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 38% ක් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව 34.4% කින් අවප්‍රමාණය විය. 2022 වසරේ මැයි මස අවසානයට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1887 ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇත.
නුවන් බඹරැන්දගේ