රට යළිත් පෙර තිබුණු තැනට ගෙන එන්න රනිල්ට කාලයක් දෙන්න

0
68

රට භාර දුනහොත් මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතු යැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බවද කීය.

රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට රනිල් වික්‍රමසිංහ මහතාටද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹදී පසුගියදා පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය  නායක රුවන් විජයවර්ධන මෙසේ පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

ඉන්දියාවෙන් ණයට ලැබුණු ඉන්ධනවලට අමතරව කිසිදු ඉන්ධන නෞකාවක් ගෙන්වා ගැනීමට ඒ් වන විට ඇණවුම් කර තිබුණේ නෑ. ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 738ක් ඉකුත් නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ගෙවලා නෑ. ඒ නිසා ඔවුන් ඉන්ධන සැපයුම නවත්තලා තිබුණේ. ඒ් නිසා තමයි අපට අලුත් සැපයුම්කරුවන් සොයන්නට සිදුවුණේ. අනෙක් පැත්තෙන් ඔෟෂධ තිබුණේ නෑ. තවමත් ඔෟෂධ පිළිබඳ ගැටලු තිබෙනවා.

අපි බංකොලොත් රාජ්‍යයක් නිසා අපේ බැංකු ලෝක ශේ්‍රණිගත කිරිම්වල පහළට දමා තියෙනවා. අපේ බැංකුව විවෘත කළ ණයවර ලිපිය ගැන විශ්වාසයක් නැතිවුණේ මේ නිසයි.

අගමැතිතුමා මේ අර්බුදය දැක්ක නිසා තමයි තනතුර භාර අරගෙන රටේ සැබෑ තත්ත්වය ජනතාවට කිව්වේ. ජුනි මාසයේ අවසාන සති කිහිපය අමාරුයි තෙල් ටික පිරිමහගෙන වැඩ කරන්න කියලා එතුමා කිව්වේ ඒකයි. රටේ සැබෑ තත්ත්වය කියද්දී එතුමාට උසුළු විසුළු කළා මිසක් ජනතාව ප්‍රශ්නය තේරුම් ගත්තේ නෑ. විපක්ෂය ඒ්කට ඉඩක් දුන්නෙත් නෑ.

ලෝකයේ බොහෝ රටවල මෙහෙම ඉන්ධන අර්බුද ඇවිල්ලා තියෙනවා. එංගලන්තයේ පවා මීට වසර කිහිපයකට පෙර එවැනි තත්ත්වයක් ඇතිවුණා. එරට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකතු වෙලා  ඔවුන් ඉන්ධන අර්බුදයෙන් ගොඩට පැමිණියා. හැබැයි ලංකාවේ දේශපාලකයෝ එහෙම නෑ. ඔවුන් බලන්නේ අර්බුදයෙන් පවා දේශපාලන වාසි ගන්නයි.

එදා අගමැතිකම ගන්න කොන්දේසි දාපු අය අද අගමැතිකම ඉල්ලන්නේ ඇයි? අද මේ අය අගමැතිකම ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තරය සමඟ කළ සාකච්ඡා සාර්ථක නිසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙන නිසයි. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, ජපානය, චීනය සහාය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ නිසා තමයි එයාලා දැන් අගමැතිකම ඉල්ලන්නේ.

හැබැයි ඒ් අයත් රට ගොඩදාන්න මාස 6ක් ඉල්ලනවා. තවත් කෙනෙක් අවුරුදු 5ක් යයි කියනවා. ඉතින් මේ අවස්ථාව ඇයි අපේ අගමැතිතුමාට දෙන්නේ නැත්තේ. එතුමා අගමැතිකමට පත්වෙලා තාම මාස දෙකක්වත් නෑ. එතුමාත් සැලසුමකට අනුව තමයි රට ගොඩනඟන්න යන්නේ. සමහරු කිව්වා එයාලා බලයට ආවොත් අරාබි රටවල් 3කින් ඉන්ධන දෙන්න බලාගෙන ඉන්නවා කියලා. රට වෙනුවෙන් ඒ නැව් ගෙන්නලා දෙන්න  එයාලට බැරි ඇයි?

ජනතාවට ආදරේ නම් මේ නැව් ගෙන්නලා දෙන්න තිබුණනේ. ගෙනත් දෙන්නේ නැත්තේ එයාලටත් ඕන වෙලා තියෙන්නේ ජනතාව දුක් විඳිනවා බලන්නයි. ජනතාවගේ දුක මතින් බලයට එන්නයි. මොවුන් ආදරේ කරන්නේ රටේ ජනතාවට නොවෙයි. එයාලා ආදරේ බලයට බව අද හැසිරෙන විධියෙන් පැහැදිලියි.

අගමැතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. විපක්ෂයත් කියනවා වගේ ඒකට යම්කිසි කාලයක් අපටත් අවශ්‍යයි. විපක්ෂයත් මාස ගණනක් ඉල්ලන්නේ ඔවුන්ටත් බලයට ආපු ගමන් තෙල් දෙන්න බැරි නිසයි. එම නිසා මෙම සති දෙකක කාලය ඉවසීමෙන් කටයුතු කරන්න. වසර දෙකක් තිස්සේ විනාශ කරපු රට මාස දෙකෙන් වෙනස් කරන්න බෑ. එයට යම් කිසි කාලයක් අවශ්‍යයි. අත්‍යවශ්‍ය සේවාවලට පොදු ප්‍රවාහනය වැනි දේවලට රටේ දැනට තිබෙන ඉන්ධන ටික දෙනවා.

ඉදිරි සති දෙක ඉවසුවොත් අපට ඉන්ධන අර්බුදය විසඳා අඛණ්ඩව ඉන්ධන දෙන තැනට යන්න පුළුවන්. ඒ්කට ජනතා සහාය දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා යැයි රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

සඳුනි ගමාරච්චි