යාපනය-කිලිනොච්චි බසයෙන් එන සේවකයන්ගේ පිහිටට දුම්රිය සේවා

0
17

ඉන්ධන අර්බුදය හමුවේ කාර්යාල සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ප්‍රමාණවත් බස් ධාවනයක් සිදු නොවන බැවින්  එයට විසඳුමක් ලෙස ලබන සතියේ සිට යාපනයේ – කිලිනොච්චි අතර කාර්යාල ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවැසීය.

වර්තමානයේ පවතින දුම්රිය ගමන් වාර මගී තදබදය අවම කිරීමට කිසි විටෙක ප්‍රමාණවත් නොවන බවත් පොදු ප්‍රවාහනය නොමැතිව මගීන් බොහෝමයක් අපහසුතාවට පත්වූ බවට තොරතුරු ලැබී ඇති බවත් දේවානන්දා මහතා කීය. දෛනිකව දහස් ගණන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් යාපනයේ සිට පැමිණෙන බවත් මෙම දුම්රිය සේවය මඟින් ඔවුන්ගේ ගමන් පහසුව සපුරාගත හැකි බවත් ඔහු පවසයි. 

මෙම දුම්රිය සේවාව සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් කිලිනොච්චියට පැමිණි බවත් මෙම වැඩ කටයුතු ලබන සතියේ අවසන් කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දුන් බව ඔවුන් ඇමැතිවරයාට දන්වා ඇත.

මිතුන් ජයවර්ධන