යක්කලමුල්ලේ වෙළෙඳසලක පෙට්රල් බෝතලය 1,000ට විකුණලා

0
14

පෙට්රල් බෝතලයක් රුපියල් 1,000ක මුදලකට අලෙවි කරමින් සිටි වෙළෙඳසල් හිමියකු පෙට්රල් ලීටර් 20ක් සමඟ යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ පෙරේදා (4දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසු වූ වෙළෙඳසල් හිමියෙකි. පොලිස් උපාය දූතයකු යොදවා පෙට්රල් අලෙවි කරමින් සිටියදී මෙම වෙළෙඳසල් හිමියා කොටුකරගත් බව පොලිසිය පවසයි. වෙළෙඳසල් හිමියා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර නිසි බලධාරියකුගේ බලපත්‍රයක් නොමැතිව පෙට්රල් ළඟ තබා ගැනීම හා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොහු ඉදිරිපත් කිරීමට නියමිතය.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ පො.සැ. සුජීව (45375), පො.කො. කුමාර (58150), පො.කො. සඳරුවන් (84105), පො.කො. රවීන්ද්‍ර (85367), පො.කො.බැසිල් (66539) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

ගාල්ල _ කමල් විජේහේවා