බලාගාර දෙකක ජලය අපතේ යැවූ ඉන්ජිනේරු දෙන්නාගේ වැඩ තහනම්

0
23

විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉකුත් ජුනි 9 වැනිදා විදුලි ඉන්ජිනේරුවන් විසින් රට පුරා ක්‍රියාත්මක කළ විරෝධය අතරතුර ජල විදුලි භාවිත නොකර සිතාමතා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කළැයි චෝදනා මත ලංවිම ප්‍රධාන විදුලි ඉන්ජිනේරුවන් දෙදෙනකුගේ වැඩ තහනම් කොට ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අනුව මෙම වැඩ තහනම් කිරීම කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කොට ඇත්තේ පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉන්ජිනේරු සේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලහකෝන් සහ ප්‍රධාන ඉන්ජිනේරුවරයකු සේම ඉන්ජිනේරුවන්ගේ සංගමයේ සම ලේකම් වන එරංග කුඩාහේවාගේ බව මේ සම්බන්ධයෙන් අදහස්  දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

චාමර අමරසූරිය