බලහත්කාරයෙන් බලය ගන්න හදන ජවිපෙ කුමන්ත්‍රණයට තරුණයන් හසුවිය යුතු නෑ

0
17

බලහත්කාරයෙන් බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පැවැසීය.

මෙම කුමන්ත්‍රණයට මෙරට තරුණ ප්‍රජාව හසුවිය යුතු නැතැයිද 1971, 1988 සහ 1989 ඇති වූයේ එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියා බවද රන්ජිත් බණ්ඩාර මන්ත්‍රිවරයා කීය. මෙම පිරිස් රටට ආදරේ අය නොවන බවද ජනතාව මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද  රන්ජිත් බණ්ඩාර මහතා පැවැසීය.

අද රට පාලනය කරන්නේ වෘත්තීය සමිති විසින් යැයිද එය ඉතා කනගාටුදායක බවද හෙතෙම කීය. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඊයේ (05දා) ඒ මහතා මෙම අදහස් පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය