පියාගේ බයිසිකලය සොරාගෙන පුතා කුඩු ගහලා

0
15

තම පියාගේ පාපැදිය සමඟ තවත් පාපැදි තුනක් සොරකම් කරන ලද පුද්ගලයකු ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචාවල මීගොඩ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකි.

සැකකරුගේ පියාගේ පාපැදිය ඇතුළු පාපැදි කිහිපයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වරායේ උදව්කරුවෙක් ලෙස රැකියාව කරන මොහු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බවය. ඒ සඳහා මුදල් සොයා ගැනීම පිණිස පියාගේ පා පැදිය ඇතුළු තවත් පාපැදි කිහිපයක් මෙසේ සොරකම් කර විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණය වී ඇත.

පසුව සැකකරුගේ ප්‍රකාශ මත සොරකම් කර විකුණා තිබූ පාපැදි තුනක්ද සොයාගෙන ඇති අතර ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන්වරුන් වන සමරනායක (25312), ලලිත් (59045) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල _ ෆර්හාන් නිසාම්දීන්, අහංගම _ එස්. දීයගහගේ