තෙල් හැංගූ පූනෑවේ ඉන්ධන පිරවුම්හලකට එරෙහිව නඩු

0
9

ඉන්ධන විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් මැදච්චිය, පූනෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකාරිත්වයට එරෙහිව අද (05දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවැරීමට නියමිතය.

අදාළ ඉන්ධන පිරවුම්හල පසුගිය දිනෙක වැටලීමට ලක් කළ බවද පවසන පාරිභෝගික අධිකාරියේ හා ස්ථාන භාර නිලධාරි පෙරේරා මහතා ජනතාවට අලෙවි නොකර එසේ සඟවා ගෙන සිටි ඉන්ධන තොගයක් සොයා ගැනීමට තම විමර්ශන නිලධාරීන්ට හැකි වූ බවද කීවේය.

එසේම සුපර් ඩීසල් ලීටර් 5813ක් සහ පෙට්රල් ලීටර් 1540ක් සන්තකයේ තබාගෙන පාරිභෝගික ජනතාවට අලෙවි නොකර වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් සඟවා තබා ගෙන සිටි බවට දැනටමත් අධිකරණය හමුවේ වරද පිළිගෙන සිටින අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක කළමනාකාරුට මෙම 22 වැනි දින අධිකරණය මඟින් දඩුවම් නියම කිරීමට නියමිත බවද  පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස