ජනපති පැමිණීමත් සමඟ මැති සබේ උණුසුම් වෙයි

0
65

ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ  ඊයේ (5දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී “Gota Go Home”යන සටන් පාඨය පවසමින්  විපක්ෂයේ මන්ත්‍රිවරු සභාගැබේ උස් හඩින්  ඝෝෂා කරන්නට පටන් ගත්හ.එම විරෝධයත් සමඟ සභාව විනාඩි දහයකට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටින අතරතුර මෙම සටන් පාඨය විපක්ෂයේ මන්ත්‍රිවරු සභාවේ දී හඬ නඟා කීමට පටන් ගත්හ. එහෙත් එය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා කථානායකවරයා 10.39ට පමණ විනාඩි දහයකට සභාව අත්හිටුවීමට තීරණය කළේය.

ජාතික ජන බලවේගයේ  මන්ත්‍රි අනුර කුමාර දිසානායක මාස  හයකින් රට ගොඩ ගැනීමේ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා යැයි කියන නිසා ඔහුට එය කළ හැකි නම් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී යෑමට සූදානම් යැයි අගමැතිවරයා පවසනවාත් සමඟම අගමැතිවරයා පමණක් නොවෙයි ගෝඨා ගෝ හෝම් යනුවෙන් පවසමින්  විපක්ෂයේ මන්ත්‍රිවරු ඝෝෂා කරන්නට වූහ. මේ තත්ත්වය තුළ සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි