කල් ඉකුත් වූ භාණ්ඩ!

0
16

ජෝකිම් චිසානෝ මොසැම්බික් දේශය එක්සේසත් කළ කීර්තිමත් රාජ්‍ය නායකයා. විනාශ වෙලා තිබිච්ච මොසැම්බික් රාජ්‍යය ඔහු ඉතා අපූරුවට නිර්මාණය කළා. සිය ප්‍රථම ධුර කාලය අවසන් වීමෙන් පසු තවත් වාරයක් පහසුවෙන් ඔහුට ජයග්‍රහණය කළ හැකිව තිබුණා. පක්ෂ, පාට භේද නැතිව රටේ පුරවැසියෝ සියලුදෙනාම පාහේ ඔහුගෙන් ඉල්ලා සිටියේ නැවත දේශපාලනයට එන්න කියලා.

ඒත් ඔහු දේශපාලනයෙන් සමු ගත්තා. “මම මගේ වැඩ කොටස ඉටු කළා” කියලා ඔහු විශ්‍රාම දිවිය තෝරාගත්තා.

ලෝකයේ බොහෝ රටවල් විනාශ වෙලා තියෙන්නෙ කල් ඉකුත් වූ චරිත ඒ රටවල බලය අතට ගැනීම නිසයි. අනෙක් අතට, වැඩ බැරි පුද්ගලයන් ඒ රටවල වගකීම් සහගත තැන්වලට පත් වන නිසයි.

අපේ රට දීර්ඝ කාලයක් තිස්සේ අත්විඳීමෙන් එන්නේ අන්න ඒ ඛේදවාචකය.

මොසැම්බික් රටේ ජනාධිපතිවරයා රට එක්සේසත් කරලා තමන්ට නියමිත කාල සීමාවේදී දේශපාලනයෙන් සමු අරගෙන ගෙදර ගියා. ඒ විතරක් නෙවේ ඔහු මොසැම්බික් දේශය සාර්ථක තැනකට තල්ලු කරලයි දේශපාලන දිවිය අවසන් කළේ. හැබැයි ඊට ආසන්න රට වෙච්ච ලිබියාවේ පාලකයා වුණේ ගඩාෆි. ඔහු දේශපාලනයෙන් සමුගත්තේ ජීවිත ගමනත් නිමා කරමින්. දශක ගණනාවක් ඔහු ව්‍යවස්ථාව තමන්ට ඕන ඕන හැටියට වෙනස් කර ගනිමින් දීර්ඝ කාලයක් රටේ බලය හොබවමින් සිටියා. එහෙම දීර්ඝ කාලයක් බලය හොබවාගෙන සිටපු සෑම දේශපාලකයෙක්ම අවසන් ගමන් ගියේ ඛේදවාචකයන් උඩින්.

රටක් හැටියට අපි බොහෝ අවස්ථාවල කල් ඉකුත් දෑ අත්හදා බලමින් ඉන්න රටක්. සාමාන්‍යයෙන් තමන්ගේ රටේ අනාගත ඉරණම භාර දෙද්දී අත්හදා බැලීම් කරන්න පුළුවන් කමක් නැහැ. ආයතනයක වුණත් එහෙම තමයි.

සමහර පාසල්වල පන්තියේ ඉන්න නාහෙට අහන්නැති, දඟකාර දරුවාට පන්ති නායකකම දෙනවා. හැබැයි එහෙම දීලා ගුරුවරයා කිසියම් විමසිල්ලකින් ඉන්නවා ඒ දරුවා රාජකාරිය හරියට කරනවද කියල බලන්න. එහෙම නොකළොත් දෙන්න දඬුවමක් වගකීම් සහගත ගුරුවරයා ගාව තියෙනවා.

හැබැයි රටක පාලනය හෝ ආයතනයක පාලනය දුර්වල හරි හිතුවක්කාර හරි කෙනකුට දුන්නොත් එතැන සිදුවෙන්නේ ආපහු හදන්න බැරි තරම් ඛේදවාචකයක්.

අපි කවුරුත් ඉතා හොඳින් අහල තියෙන දෙයක් තමයි 5ඉ සංකල්පය. බොහෝ ආයතන ඒ ක්‍රමය අනුගමනය කරනවා. ගමන් උකුළ සහ විධිමත් ආයතන ක්‍රියාවලියක් වෙනුවෙන් ඒ ක්‍රමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.  5ඉ ක්‍රමය පළමුවැන්න තමයි සෙයිරි.

අවශ්‍ය දෑ අනවශ්‍ය දෑ හ¾දුනාගැනීම හා අනවශ්‍ය දේ ඉවත් කිරීම. මේ ක්‍රමය තුළ ඉතාම පහසු දේ තමයි සෙයිරි. ඒ කියන්නේ අවශ්‍ය යැයි සිතෙන සියලු දේ වෙන් කර අනවශ්‍ය දේ ඉවත් කිරීම.

අවාසනාවට අපි හැමදාම කරන්නේ අනවශ්‍ය දේ තබා ගැනීම සහ අවශ්‍ය දේ ඉවත් කිරීමයි.

අපේ රටට නිදහස් අධ්‍යාපනය හ¾දුන්වා දුන්න සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්මයා ඊළඟ මැතිවරණයෙන් පරාජය වෙලා ගෙදර ගියා. අපේ රට සම්බන්ධව තියෙන සෙයිරි අත්දැකීම තමයි ඒක.

අද අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අති බහුතරයක් දෙනා අවුරුදු 65 සීමාව ඉක්මවා ගිය අය. නව ආකල්ප නව චින්තන රටාවන් නව ලෝක ප්‍රවණතාවන් පිළිබඳව අබමල් රේණුවක දැනුමක් නැති පිරිස් සාම්ප්‍රදායික රාමුවක් ඇතුළේ කොටු වෙලා රට අරාජිකකත්වයට තල්ලු කරනවා.

ඒ විතරක් නෙවෙයි තමන් දන්න කියන ඕනෑම උපක්‍රමයක් භාවිත කරලා බලය රඳවා ගන්න කටයුතු කරනවා.

අපේ රටේ ආයතන පද්ධතිය තුළ ඉන්න බහුතරයක් සභාපතිවරු, ආයතන ප්‍රධානීන් ඒ ඒ දේශපාලඥයන් වෙනුවෙන් ඇප කැප වුණු පිරිස්. ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධව බරපතළ ගැටලු තිබෙනවා. සමහරු ඉන්නේ තිබෙන ආණ්ඩුව, එන ආණ්ඩුව දෙකම එක්ක තමන්ගේ ඩීල් පවත්වාගෙන.

ඒ නිසා කවදාවත් ඵරඵබඥථ ජඩචදඨඥ එකක් වෙන්නේ නැහැ. අපේ රට ඇතුළෙ ඵරඵබඥථ ජඩචදඨඥ කියලා කියන්නේ ඔළුගෙඩි හුවමාරුවක් පමණයි. කිසිම දවසක මතවාදීමය සහ සංකල්පීය වශයෙන් වෙනස් වීමක් වෙන්නේ නැහැ.

බැරැක් ඔබාමා තමන්ගේ ධුර කාලයෙන් සමුගන්න දවසෙ කරපු කතාව විනාඩි දෙකකට සීමා වෙනවා. ඔහු ඒ විනාඩි දෙක තුළ විශාල පණිවුඩයක් දෙනවා. ඇත්ත වශයෙන්ම බැරැක් ඔබමා ධුර කාලයෙන් සමුගන්න කොටත් ඔහුට විශාල ජනතා ආදරයක් තිබුණා. වරක් ඔහු මෙහෙම කියනවා.

“මම රටට සේවය කරන්න කැමැතියි. නමුත් අපේ ව්‍යවස්ථාව අනුව මට ආපසු පාලනය කරන්න බැහැ. මම ඇත්තටම හිතෙනවා මම හොඳ ජනාධිපතිවරයෙක් කියලා. මට ඕන නම් ආපහු බලයට එන්න පුළුවන්. එ්ත් මට බැහැ. ඇමරිකාව සංවර්ධනය කරන්න පුළුවන් ගොඩක් අදහස් මට තියෙනවා. නමුත් නීතිය නීතියමයි. කිසිම කෙනෙක් නීතියට උඩින් නැහැ. අඩුම තරමේ ජනාධිපතිවත්.

මම අවංකව දෙයක් කියන්නම්. මම බලාපොරාත්තු වෙන්නේ මගේ විශ්‍රාම දිවිය ගැන. මට මේ තරම් ලොකු ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන් අදහස් වන්නේ මට නිදහසේ ඇවිදින්න පුළුවන් කියන එක. මට මගේ පවුලේ අයත් එක්ක නිදහසේ ගත කරන්න පුළුවන්. මගේ රටට සේවය කරන්න පුළුවන් වෙනත් විදිහක් ගැන හිතන්න පුළුවන්. ඒත් මට තේරෙන්නෙ නැත්නේ ඇයි මින්ස්සු මේ තරම් බලයට කෑදර කියලා. විශේෂයෙන් ඔවුන්ට විශාල ධනස්කන්දයක් තිබියදීත්. ඔබ දැකලා ඇති සමහර නායකයෝ කියනවා මම තමයි මේ රට ගොඩනඟන්න සුදුසු එකම කෙනා කියලා. අවාසනාවට ඔවුන් කවදාවත් එ් රට ගොඩනඟලා නෑ. නෙල්සන් මැන්ඩෙලා, ජෝර්ජ් වොෂින්ටන් වැනි නායකයෝ ගතහොත් ඔවුන් රටට කළ සේවය අතිමහත්. එ් වගේම තමන්ගේ සේවය අවසන් වූ පසු ඔවුන් බලය අතහැරියා.

කවුරුවත් ජීවිත කාලෙටම ජනාධිපති විය යුතු නැහැ. රටකට සෙතක් වෙන්නේ අලුත් අදහස්වලින් විතරයි. මමත් තරුණයක් වුණත් මම දන්නවා මට වඩා තරුණ හොඳ දැක්මක් ඇති අයෙක් ඇති කියලා. ඔහු මගේ රටට සේවය කරාවි,

අදටත් ඇමරිකාවේ මිනිස්සු බැරැක් ඔබාමාට ආදරය කරනවා. මතක තියාගන්න ඔහු දෙවතාවක් ඇමරිකාව පාලනය කළ ජනාධිපතිවරයා.

එහෙත් සමහර රටවල, අවුරුදු දෙකක් යන්නත් කලින් මිනිසුන්ට ඒ රටේ පාලකයෝ තිත්ත වෙනවා.

ඒ අත්දැකීමට අපි මුහුණ දෙමින් ඉන්නවා.