අද බස් දුවන්නේ 2%යි

0
17

බස් රථ අද (06දා) සිට ධාවනය වනු ඇත්තේ සියයට දෙකත් තුනත් අතර සංඛ්‍යාවක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘මව්බිම’ට පැවැසීය.

ඉන්ධන ලබා ගැනීමට දින පහකට ආසන්න කාලයක් පෝලිමක රැඳී සිටි විට ලීටර් 40ක ප්‍රමාණයක් ලබා දෙන නමුත් එය කිසි විටක වැඩි මිලට විකිණිය නොහැකි බවත් එවැනි දේ සිදු කිරීමෙන් කිසිදු ලාභයක් නොමැති බවත් ප්‍රියන්ජිත් මහතා පවසයි.

ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාදීම නිසි ආකාරයෙන් සිදු නොකිරීම හා ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ (5දා) දිනයේ ධාවනයට එකතු කරන ලද්දේ බස් රථ පන්සීයක් බවත් අද (06දා) දිනයේ එම සංඛ්‍යාවත් ධාවනය නොවනු ඇති බව හෙතෙම කීය.

ප්‍රවාහන අමාත්‍යාංශය පවසන පරිදි ඩිපෝ මඟින් ලබා දෙන ඉන්ධන විකිණීමට නොව ධාවනයටවත් ප්‍රමාණවත් නොවන අතර බස් රථ කර්මාන්තයේ නියැළෙන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ඔහු පැවැසුවේය.

ඉන්ධන නොමැතිව බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිව සිටින අවස්ථාවක බස් සංගම් රජය විසින් ලබා දෙන ඉන්ධන වැඩි මිලට විකුණන බවත් මගී ප්‍රවාහනයේ නොයෙදෙන බවත් පවසා ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබාදිය නොහැකි බව ඔහු සඳහන් කළේය.

මිතුන් ජයවර්ධන