පොල්පිතිගම කාන්තාවක් ඝාතනය කෙරේ

0
369

පොල්පිතිගම, තොළඹුඇල ප්‍රදේශයේදී කාන්තාවක තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර තිබේ.

මරණකාරිය වයස අවුරුදු 35ක් වූ තොළඹුඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිසිය සඳහන් කළේ, මරණකාරිය ඇයේ කුඩා දරුවා සමග පොල්පිතිගම රෝහලට ගොස් බෙහෙත් ලබා ගැනීමෙන් අනතුරුව නැවත නිවස බලා ගමන් කරමින් සිටියදී තොළඹුඇල, ඉඟුරුදෙනිය මාර්ගයේ වතුර ටැංකිය අසලදී මෙම ඝාතනය සිදුවී ඇති බව ය.

එම අවස්ථාවේ කුඩා දරුවා ද ඇය අතැතිව සිට ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර කුඩා දරුවාට තුවාල කිසිවක් නැතැයි පොලිසිය පැවසීය.

මෘත ශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබඩ ඇත.

පොලිසිය සඳහන් කළේ, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.