උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

0
309

2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් 28 වන දා ආරම්භ කර දෙසැම්බර් මස 23 වන දා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී අද (ජූලි 5) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසීය.

2021 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස දී නිකුත් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මේ අතර, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වන දා පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය.