කෝටි 3කට අධික රන් බඩු සොරකමේ සිවුදෙනා රිමාන්ඩ්

0
16

නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයකින් රුපියල් තුන් කෝටි පනස් හතර ලක්ෂයක් වටිනා රන් පවුම් 177ක් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය සහ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා මේ මස 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නොර්වුඩ්, නිව්වැල්ගම ප්‍රදේශයේ සිවුදෙනකු වන අතර සොරකම පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනි දින සිදුව තිබෙන බවත් සොරා ගත් රන් ආභරණ වෙන්චර් වතුයායේ ගෙවත්තක වළදමා තිබී සොයාගත් බව පොලිසිය පැවැසීය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර එම උකස් මධ්‍යස්ථානයේ වසර 10ක් සේවය කළ කාන්තාවක්ද සිටී. සොයාගත් රන් ආභරණ අතර රන් මාල 54ක්, අරුන්ගල් 757ක්, පෙන්ඩන්ට් 177ක්, මුදු 404ක්, ට්‍රසල් 84ක්, අත්පලඳනා 18ක්, වළලු 01ක්, රන් කැබලි 09ක් බවත් සමස්ත බර කිලෝ 1 1/2කට ආසන්න බව පොලිසිය පවසයි.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි, හැටන් – චන්න අද්දරගේ