ජැක්සන් ඇන්තනී රිය අනතුරකට ලක්වෙයි

0
2540

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වී තිබේ.

තලාව පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ ඔහු ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද අනතුරින් දැඩි හානි සිදුව ඇත.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එක්ව තුවාල ලැබූ එම පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.