කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී රැඳවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ රැඳවියා සැකකටයුතු ලෙස මිය යාමත් සමග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් හයසියයකට වැඩි පිරිසක් අවස්ථා දෙකකදී ඉකුත් 29 වන දින කඳවුරු භුමියෙන් පළා ගොස් තිබිණි.
ඉන් පිරිසක් මේ වන විට හමු වී ඇති අතර පැනගිය සෙසු රැඳවියන් සොයා යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පුනුරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

