සිහින වෙනුවෙන් පයින් ගැසීමට සුදානම් වන Dream

0
501

අතිදක්ෂ, ඒවගේම ඉතාම කඩවසම් කොරියානු රංගන ශිල්පියෙක් වන Park soe Joon ගේ සහ මේ වනවිට ලොව පුරා ඉමහදිත් ජනාදරයට පාත්‍රව සිටින ජනප්‍රිය K -Pop තරුවක් වන IUගෙ ඉදිරියට එන්න නියමිත මේ වෙද්දි රූගත කිරීම් කටයුතු සියල්ල සම්පූර්ණයෙන්ම ඉවර කරලා තිබෙන චිත්‍රපටයක් ගැන කරුණු කියන්නයි මේ සූදානම. දැනට නිෂ්පාදක මණ්ඩලය විසින් මේ චිත්‍රපටය නම් කරලා තිබෙන්නෙ “Dream” කියන නමින්. වසර දෙකක් පුරාවටම මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න සිද්ධවුණා කියලා තමයි කොරියානු මාධ්‍ය වාර්තා කරන්නෙ. මොකද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ට ඔවුන්ගේ ඉලක්කගත දිනයට ඒ වැඩකටයුතු අවසන් කරගන්න නොහැකි වෙලා තිබෙනවා.

“Extreme Job” සහ “Melo is My Nature” චිත්‍රපටයන්හි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ Lee Byung Hun විසින් තමයි “Dream” කතාංගය නිර්මාණය කරලා තිබෙන්නෙ. “Dream” කියන්නෙ ජීවත් වෙන්න නිවෙසක්වත් නැති පිරිසක් විසින් ලෝක කුසලානය සඳහා ප්‍රථමවරට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන කතාංගයක් දැක්වෙන චිත්‍රපටයක්. Park Se Joon එම පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු බවට පත්වන, විනය පරිවාසයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වන “Yoon Hong Dae” ලෙස රංගනයෙන් දායක වන අතර IU විසින් එම පාපන්දු කණ්ඩායම පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සෑදීමට උත්සාහ ගන්නා නිෂ්පාදන අධ්‍යක්ෂ “Lee So Min”ලෙස තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා.

ඒවගේමයි Main Rolesවලට තම රංගනයක ලබා දෙන ඔවුන් දෙදෙනාට අමතරව ඉතා දක්ෂ නළු නිළියන් පිරිසක් නිෂ්පාදක මණ්ඩලය විසින් මේ චිත්‍රපටය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔවුන් නම් වශයෙන් කියනවනම් Kim Jong Soo, Go Chang Suk, Jung Seung Gil, Lee Hyun Woo, Yang Hyun Min, Hong Wan Pyo, Heo Joon Suk සහ Lee Ha Nee ඊට ඇතුළත් වෙනවා.

“Dream” හි රූගත කිරීම් මුලින්ම ආරම්භ කරලා තිබෙන්නේ 2020 මැයි මාසයේදී. වසර දෙකකට ආසන්න කාලයකට පසු 2022 අප්‍රේල් 13 වැනි දින ඒ කියන්නේ මාස දෙකකට උඩදි තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කරලා තිබෙන්නෙ. කොරියාවෙන් පිටත ඒ කියන්නේ හංගේරියාවෙදි මෙම චිත්‍රපට දර්ශන රූගත කරලා තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතිං COVID – 19 හංගේරියාවේ රූගත කිරීම් ප්‍රමාද කිරීමට විශාල හේතුවක් වූ අතර එය රූගත කිරීම් කාලය දීර්ඝ කිරීමට හේතු වුණා කියලා තමයි ඔවුන් පවසන්නේ. 

අධ්‍යක්ෂ Lee Byung Hun තමන්ගේ අදහස් මාධ්‍යයට දක්වමින් කියන්නේ  විදේශීය රූගත කිරීම් ඇතුළුව මෙම චිත්‍රපටය සඳහා ගත කළ කාලය ඉතා දිගු කාලයක් වූ බවයි. මෙම ක්‍රියාවලිය විඳදරාගත් නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය ගැන ඔහු බෙහෙවින් ආඩම්බර වන බව ඔහු තවදුරටත් පවසලා තිබෙනවා.”  Shooting අවසන් කරපු දිනයේදී Park Seo Joon පවසලා තිබෙන්නේ. “Dream හි දිගු ගමන අදින් අවසන්. ඒත් ඒක ඉවර වෙන එක ටිකක් දුකයි.

රූගත කිරීම් සාර්ථකව නිම කරන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා. මෙය චිත්‍රපටයේ ප්‍රේක්ෂකයන්ට බොහෝ ආදරයක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” කියලා. ඒවගේම IU ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගත්තේ,“මෙය මම දිගු චිත්‍රපටයක් රූගත කළ පළමු අවස්ථාවයි. “seo min” ලෙස රඟපාන විට මම වඩාත් දීප්තිමත් හා නොසැලකිලිමත් වන බව මට හැඟුණු නිසා එය මට පෞද්ගලිකව හොඳ අත්දැකීමක් වුණා. චිත්‍රපට ප්‍රේක්ෂකයන් ‘Dream’ සමඟ බොහෝ සෙයින් බැඳෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, එමෙන්ම චිත්‍රපටයේ උණුසුම ද දැනෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” කියලා. “Dream” පශ්චාත් නිෂ්පාදන කටයුතු නිමවීමෙන් පසු සිනමාහල් වෙත පැමිණීමට නියමිතයි.

හිරූ ෆර්නෑන්ඩෝ