දේශප්‍රේමය ගැන බොරු කයිවාරු ගහලා සුද්‍ෙදා දුන් දේත් වනසන ද්‍රෝහියෝ

0
78

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1944දී කෝල්ඩිකොට් ආණ්ඩුකාර තැන විසින්  ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත නිකුත් කරන ලද නිවේදනයක් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි දැඩි උනන්දුවකින් යුතුව හුවමාරු වෙමින් තිබේ. වර්තමාන පාලකයන් විසින් ශ්‍රී ලංකාව ඇද දමා තිබෙන දුර්භාග්‍යසම්පන්න තත්ත්වයෙන් කම්පාවට හා පීඩාවට පත්ව සිටින පුරවැසියන් තුළ අදින් වසර 78කට පෙර යටත්විජිත පාලකයා නිකුත් කර තිබෙන නිවේදනය පිළිබඳව උනන්දුවක් ඇති වීම පුදුමයක් නොවේ.

බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ තැන් සිට ගත වූ වසර 72 තුළ දේශීය පාලක පන්තීන් විසින් රටට සිදුකර ඇති විනාශය පිළිබඳව ආපසු හැරී බලන කල යටත් විජිත පාලනය ගැන ජනතාව ප්‍රසාද මුඛයෙන් කතා කිරීමද අරුමයක් නොවේ. ඊට ප්‍රධාන හේතුව නූතන පාලක පෙළැන්තිය රට ආගාධයට ඇදගෙන ගියේ දේශප්‍රේමිත්වය හා ජාතිවාත්සල්‍යය ඉදිරියට දමාගෙන බව රටේ මිනිසුන්ට මේවනවිට වැටහෙමින් තිබෙන නිසාය.

කෝල්ඩිකොට් ආණ්ඩුකාර තැන යට කී නිවේදනයේදී දේශප්‍රේමියා හා දේශද්‍රෝහියා යන්නට නිර්වචනයක් දී තිබේ. දේශීය පාලක පන්තීන් විසින්  අධිරාජ්‍යවාදීන්  ආක්‍රමණිකයන්  ඔසවා තැබුවේ තමන්ගේ දේශප්‍රේමීත්වය වඩාත් හොඳින් පින්තාරු කිරීමටය. එසේ  කිරීමෙන් ජාතික ධනය කොල්ල කෑ ඔවුහු ගෙවුණු වසර 72 පුරාම ස්වකීය අභිමතාර්ථයන් උපරිමයෙන් සාක්ෂාත් කර ගෙන ඇත. ඇත්ත වශයෙන්ම ඔවුහු සුදු හාම්පුතුන්ගේ සුවච කීකරු සේවකයන් මිස කිසිසේත්ම සතුරු පාර්ශ්වයක් නොවේ. යන එන මං නැතිව නන්නත්තාර වී වර්තමානයේ පෝලිම්වල දුක් විඳින්නේ රටේ ජනතාවය.

කෝල්ඩිකොට් ආණ්ඩුකාරයාගේ නිවේදනය මේ සමඟ පළවේ. ඔහු විසින් ජය හා සමාදානය ලබා ගැනීම සඳහා ඉටුකළ යුතු යුතුකම් 4ක් දක්වා ඇත. මෙහිදී ඉංග්‍රීසි ආණ්ඩුව රටේ පුරවැසියන්ට කියන්නේ හැකිතාක් ආහාර වගා කරන්නට කියාය. වවා ගන්නා හෝ මිලට ගන්නා දෙයක් රසට උයා පිහාගෙන සන්තෝසෙන් අනුභව කරන්න යැයි දෙවනුව කියා ඇත. තුන්වෙනුව, හෙතෙම සඳහන් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නට උත්සාහ නොකරන ලෙස හා නියම කර ඇති මිලට වඩා මුදල් නොගෙවන ලෙසය. සිවුවෙනුව සඳහන් කර තිබෙන්නේ වැඩි මිලට බඩු විකුණන අය පිළිබඳව අප්‍රමාදව රජයට දැනුම් දෙන ලෙසය.

ඉහත කරුණු හරියාකාරව ඉටු කරන්නන් දේශප්‍රේමීන් බවත්, ඉටු නොකරන්නන් දේශද්‍රෝහීන් බවත් ආණ්ඩුකාර තැන එම නිවේදනයේ සඳහන් කර තිබේ. යට කී කරුණු අද තත්ත්වය හා ගළපා බැලුවහොත් දේශප්‍රේමීන් ලෙස වෙස් මුහුණු බැඳ සිටින පාලකයන් දේශ ද්‍රෝහීන් ගණයට වැටෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ වුවද ඉන් ගම්‍ය වන එක් කරුණක් වන්නේ ආහාර පරිභෝජනය සම්බන්ධව වර්තමානයේ පවතින තත්ත්වයට බොහෝ දුරට සමාන තත්ත්වයක් බි්‍රතාන්‍ය පාලන සමයේදීද මෙරට පැවැති බවය. අවශ්‍ය පමණට වඩා රැස්කිරීම, අයුතු මිල ගණන් තුළින් පාරිභෝගිකයා ගසාකෑම, සහ වැඩි මිලට භාණ්ඩ විකිණීම ගැන එදා  පැවැති චෝදනා අදටද වලංගුය. අපි තවමත් සමාජ සාරධර්ම සම්බන්ධයෙන් හෝ ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත් ප්‍රාථමික ජාතියකි.

මේ කරුණු මෙසේ දක්වන විට උදහස් වන දේශප්‍රේමීන් මේ රටේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට එය සුද්දන්ට කඩේ යෑමක් ලෙස ඉතා පහසුවෙන් අර්ථ ගැන්විය හැකිය. සුද්දන්ට කඩේ යන බවට චෝදනා කරන සමහරු තම පරම්පරාවම කළු සුද්දන්ට කඩේ ගිය බව අමතක කරති. වර්තමානයේ රටට සිදුවී ඇති වින්නැහියට අප හැමදෙනාම දායක වී ඇති බව එවැන්නෝ නොදනිති. අධිරාජ්‍ය විරෝධී සළුපිළි ඇඳ දේශප්‍රේමීන් ලෙස පෙනී සිටි දේශීය පාලක පන්තීන් ලංකාව විනාශ මුඛයට ගෙන ගියේ “ලෝකෙන් උතුම් රට ලංකාවයි” කියමිනි. ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න මිනිසුන්ට වැටහී තිබෙන්නේ ජීවත්වීම අභියෝගයක් වී ඇති වර්තමානයේය.

අධිරාජ්‍යවාදය විකාශනය වීමටත් පෙර ප්‍රංශය, පෘතුගාලය, ඕලන්දය සහ එංගලන්තය ඔවුන්ගේ ආර්ථික දේශ සීමා පළල් කරගන්නා වෙළෙඳ මාර්ග සොයා ගත්හ. එතැන් සිට මෙකී බලවත් ජාතීන් පෙරදිග රටවල් ආක්‍රමණයෙහි යුහුසුලු වූහ. ප්‍රථමයෙන් පෘතුගීසීහු 1505  ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගත්හ.

එය හුදෙක් වාණිජ පරමාර්ථ පදනම් කරගත් ආක්‍රමණයකි. ආර්ථික අතින් බලන කල පෘතුගීසින් අපට අලුතෙන් දී ඇත්තේ මිරිස්, දුම්කොළ, පිටරට පලතුරු වර්ග කිහිපයක් හා රෝමානු කතෝලික ආගම පමණි. නිර්දය යුද හමුදා පාලන බලයක් මත පදනම් වූ වාණිජ ක්‍රමයකට පදනම දමන ලද්දේ පෘතුගීසීන් විසිනි. කුරුඳු, ගම්මිරිස්, මැණික්, මුතු, ඇත්දළ, ඇතුන් , කරද මුංගු, දුම්කොළ සහ ඉඹුල් පුළුන් ඔවුහු මේ රටින් නැව්ගත කළහ.

ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම 1656 දී පෘතුගීසීන් පරදවා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කරගත් අතර ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය සකස් වූයේ හුදෙක් වෙළෙඳාම අරමුණු කරගෙනය. ඔවුන් ගත් සෑම පියවරක්ම ගන්නා ලද්දේ මෙරට  සාරය උකහා ගැනීම අරමුණු කොටය. ලන්දේසි පාලන සමයේ සාමාන්‍ය ගොවිජනතාව හා ශිල්පීහු බලහත්කාරයෙන් ශ්‍රමය සූරා ගැනීම නිසා දිළින්‍ෙදා් වූහ. ස්වදේශීයයන්ගේ අධ්‍යාපනය ගැන උනන්දුවක් දැක්වූයේ වී නම් එය හුදෙක් ක්‍රිස්තු ධර්මයට වැසියා හැරවීමේ මාර්ගයක් ලෙස පමණි. සියවස් එකහමාරක පමණ කාලයක් තුළ ඕලන්ද ජාතිකයෝ යුරෝපය සමඟ මෙන්ම ඉන්දියානු නැව් තොට සමඟද මෑත පෙරදිග හා අෑත පෙරදිග රටවල් සමඟද විශාල ලෙස ලාභ ගෙන දුන් වෙළෙඳ ව්‍යාපාර ගෙන ගියහ. ඒ එනිසාම ඔවුහු තමන් යටත් කරගත් විජිතය වටා මහා බලකොටු ඉදිකොට ආරක්ෂාව සලසා ගත්හ.

බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම 1796දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත්තේ එතෙක් නොවූ ආර්ථික විප්ලවයකට නායකත්වය දෙමිනි. බි්‍රතාන්‍යයන් ගල් අඟුªරු හා යකඩ  බලය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූහ. ඔවුන් අෑත පෙරදිගට පැමිණ ප්‍රංශය සමඟ යුද්ධ කළේ  ආධිපත්‍යය ගොඩනඟා ගැනීම සඳහාය. ඉන්දියානු උප මහද්වීපය රැක ගැනීමේදී ලංකාවේ ඇති වැදගත්කම තේරුම් ගත් ඔවුහු මේ දිවයින අමතක කිරීම කිසිසේත්ම කළ නොහැකි බවද දුටුවෝය.

බි්‍රතාන්‍යයන්ට ලංකාවේ මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් මුදාගැනීම සඳහා යුද වදින්නට සිදු නොවීය. සුප්‍රකට ඒමියන් ගිවිසුමෙන් ලංකාවේ ලන්දේසින්ට අයත් ප්‍රදේශය හා ටි්‍රනිඩෑඩ් හැර  පැහැර ගත් සෙසු විජිත සියල්ලක්ම ප්‍රංශයට ස්පාඤ්ඤයට හා ඕලන්දයට නැවත පවරා දෙන ලදී. ඉන්දියානු යටත් විජිත ආරක්ෂා කර ගැනීමේ දී කේප්ටවුන්වලට වඩා ශ්‍රී ලංකාව වැදගත් ස්ථානයක් ගන්නා බව බි්‍රතාන්‍ය උත්තර මන්ත්‍රි මණ්ඩලයේදී රැල්ෆ් සාමිවරයා ප්‍රකාශ කර තිබිණි.

පෘතුගීසි අධිරාජ්‍යවාදීන් විසින් අපගේ මාතෘ භූමිය අල්ලාගත් බව සැබෑය. නමුත් 1656දී ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම් විසින් අල්ලා ගන්නා ලද්දේ පෘතුගීසින්ට අයත් ලංකා යටත් විජිතයයි. 1796දී බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම  විසින් යටත් කරන ලද්දේ ලන්දේසීන්ට අයත්ව තිබූ ලංකාවයි. එය අප පටලවා ගත යුතු නැත.

ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට යටත් වූයේ 1802දී ක්‍රවුන් කොලෝනියල් පාලනය පිහිටුවීමත් සමඟය. 1796 සිට 1802 දක්වා ලංකාව පාලනය කළේ සුද්දන්ගේ වෙළෙඳ සමාගම  විසිනි. 1815දී සිදුවූයේ එතෙක් අපරාජිතව පැවති කන්දඋඩරට රාජධානිය ඇහැළේපොළ, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ යන රදල නායකයන් හා වාරියපොළ සුමංගල හිමි ඇතුළු භික්ෂුන් විසින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඉදිරියේ බි්‍රතාන්‍ය කිරීටයට උඩරට ගිවිසුම මඟින් පාවාදීමය. වාරියපොල සුමංගල හිමියන් සහ කැප්පෙටිපොළ අදිකාරම 1818 දී උෟවේ මහ කැරැල්ලට එකතුවීම පසුව සිදු වූ වෙනත් සංසිද්ධියකි.

ඉනික්බිතිව ලංකාව බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් වූ අතර  ලංකාව වෙනුවෙන් බි්‍රතාන්‍ය සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන ලද්දේ යටත් විජිත භාර මහ ලේකම්වරයාය.

ගොවිතැනත්, වෙළෙඳාමත් ආණ්ඩුවට පමණක් අයිති කාර්යයක් විය. ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කුරු¾දු වගාව හා මුතු කිමිදීමය.  යටත් විජිත ලේකම් කාර්යාලය ධනය උපයා ගත්තේ ඉඩම් බදු, මුතුපර සඳහා වූ බදු,  රේගුවෙන් නැව් ගත කළ භාණ්ඩ  සහ රට ඇතුළේ කෙරෙන වෙළඳාමෙන් අය කරගත් බදු, ආදී නොයෙක් බදුවලිනි.

බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ පාලන කාලයේදී වෙළෙඳාම පහත වැටීමෙන් කරදර රාශියකට මුහුණ දීමට සිදුවූ බව සඳහන්ය. යටත් විජිත ලේකම් කාර්යාලයේ වාර්තා දක්වන අන්දමට 1807 – 1817 දශකයේ රාජ්‍ය ණය පවුම් ලක්ෂයකි. 1818 කැරැල්ල හේතුවෙන් මේ මුදල දෙගුණ වී ඇත. දේශීය කෘෂිකර්මය හා වී ගොවිතැන  නොසලකා හැරීම නිසා රටේ ආහාර හිඟයක් ඇති වී තිබේ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ පාලන සමයේ උෟව වෙල්ලස්සේ ගොවිබිම් විශාල වශයෙන් වනසා දැමුණු බව ඉතිහාසයේ සඳහන්ය.

ලංකාව වැවිලි ආර්ථිකයට පිළිපන්නේ 1820 – 1833 එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ පාලන සමයේය. සංවර්ධනය යන්නෙන්  බි්‍රතාන්‍යයන් අදහස් කළේ වැවිලි ආර්ථිකයේ ව්‍යාප්තියයි. එය තහවුරු කිරීම සඳහා බි්‍රතාන්‍ය පාලකයෝ මුලින්ම දේශීය ස්වතන්ත්‍ර පාලන ක්‍රමය ගැන නොතකා හැර අන්තිමට එය සම්පූර්ණයෙන්ම නැති කර දැම්මේය. බොහෝවිට අධිරාජ්‍යවාදීන්ගේ මතය වූයේ පෙරදිග ජනයා අනුන් විසින් පාලනය කරනු ලැබිය යුතු ජන කොට්ඨාසයක් බවය. එහෙත් එම මතය සාධාරණ නොවන බව කෝල්බෘක් කොමිසම සඳහන් කර තිබේ.

වැවිලි ආර්ථිකය කරළියට ඒමත් සමඟ එතෙක් පැවැති වැඩවසම් සම්ප්‍රදායයන් උඩුකුරු යටිකුරු වූ අතර ඒ මත ධනේශ්වර රාජ්‍ය ආයතන ස්ථාපිත කරනු ලැබීය. ජාත්‍යන්තර වෙළෙඳාමට මාර්ග පාදා ගැනීම සඳහා සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමේ උපාය මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක හා විධායක සභා ආරම්භ කොට ඊට පසු අධිකරණයද පිහිටුවා අන්තිමේදී මං මාවත්, දුම්රිය මාර්ග, පාලම්, වරායවල් ඉදිකළහ. එතැන් සිට ඉදිරියට දක්නට ලැබෙන්නේ වැවිලි කර්මාන්තයේ  පුනරුද යුගයයි.

පෘතුගීසි සහ ලන්දේසි යටත් විජිත යුගයේ මෙන් නොව බි්‍රතාන්‍ය පාලන සමයේ 1815 – 1948 වසර 133 තුළ අතිවිශාල භෞතික සංවර්ධනයක් රට තුළ සිදුව තිබේ. කොතරම් විවේචන මැද වුවත් එය මෙරට ඉතිහාසයේ කෙටි කාලයක් තුළ සිදු වූ දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් බව පිළිගන්නට සිදු වේ. ඔවුහු දිවයිනේ සමස්ත භූමිය මැන සිතියම් ගත කළේය. සුද්දන් විසින් දීර්ඝ උමං, පාලම්, තනා දුම්රිය මාර්ග පද්ධතිය ඇති කරන ලද්දේ බි්‍රතාන්‍යයට දුම්රිය හඳුන්වාදුන් වකවානුවේමය. මුළු රටේම නගර ගම් බිම් යා කළ මහා මාර්ග ඉදිකොට සැතපුම් කණුද සලකුණු කළේය. කොළඹ නගරයේ සැලසුම්කොට වරාය උද්‍යාන, දුම්රියපොළ තනා නගරය පුරා ගෑස් ලාම්පු සවිකොට, විදුලි බලයෙන් දුවන ට්‍රොලි බස් සේවය ඇති කළේද සුද්දන් විසිනි.

සියවස් ගණනාවක් වල්බිහිව තිබූ පුරාණ වාරි ශිෂ්ටාචාරයට අයත් වැව් අමුණු සිය ගණනක් යළි ඉදි කරන ලද්දේ යටත් විජිත පාලන සමයේය. අදත් අපි විදේශිකයන්ට සාඩම්බරයෙන් පෙන්වන කොළඹ ජාතික කෞතුකාගාරය, කොළඹ නගර සභාව, දෙමෝදර ආරුක්කු පාලම, පරණ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, දෙවුන්දර ප්‍රදීපාගාරය, අපට හිමිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව සිටි සමයේය. ජර්මානු නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් දෙවැනි ලෝක යුද්ධය ඇති නොකරන්නට, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදින් ලංකාව අතහරින්නේ නැත.

බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස් වීමේ කීර්තිය මෙරට 20 වැනි සියවසේ අධිරාජ්‍ය විරෝධී අරගලකරුවන්ට භාර දුන්නත් ඉන් ඔබට ගෙවුණු කාල පරිච්ඡේදය තුළ,  කළු සුද්‍ෙදා් ලංකාව ලෝකයේ බංකොලොත් හිඟන රටක් බවට පත්කිරීමේ ඛේදවාචකය අපි මේ මොහොතේ අත්විඳිමින් සිටිමු. නීති අණපනත් සියල්ල සම්මත කර දී, අපේ දරුවන් සඳහා සුරම්‍ය තක්සලාවක් වූ පේරාදෙණිය සරසවිය ඉදිකර දී ණය නැති රටක් අපට ඉතිරි කර දී ගිය සුද්දන්ට පරිභව කරමින් ලෝ වටා හිඟමනේ යන්නට අපට සිදුව තිබේ. කන්ට අඳින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවීම නවත්වා, කළු සුද්දන්ගෙන් රට ගලවා ගැනීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ අපට ඉතිරිව නැත.

උදේනි සමන් කුමාර