දෙපතුලේ එක් නිල ස්ථානයක් තෙරපා ඔත්පළ වියපත් රෝගියකු නැඟිට්ටවපු විස්කම

0
63

බොහෝ දෙනා නොදන්නවා වුණාට ‘ප්‍රතීත විද්‍යාව’ හෙවත් දෙපතුල් සම්බාහන ක්‍රමය පුරාණයේ පටන් පැවැති ඉසිවර ඇසුරෙන් උපන් වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රමයක්. ඒ තරමටම ශරීරයේ දෙපතුල මනුෂ්‍යයකුට අත්‍යවශ්‍යයි. අති සංවේදීයි. එහි ස්වභාවය හොඳින් දැන උගෙන, භාවිතාවේ යෙදෙන, දැනුමැති වෛද්‍යවරයාට ඕනෑම රෝගයක් සුව කිරීමට හැකියි. එය බොහෝ දුරට අත්දැකීම් සම්භාරයක් නිසා පෝෂණය වූවක්.

යමකු විමසන්නට පුළුවන් සම්බාහනයට ඔය හැටි දෙයක් කළ හැකිද කියා. එය වටහා ගන්නට ඔබටම එහි අත්දැකීම් ලැබෙන්නට ඕනෑ. එක් පාදයක් අක්‍රියව යා නම් දැනුමැති වෛද්‍යවරයාට දෙපතුල පරීක්ෂා කර බලා එහි නියමාකාර තැන් පිරිමැද, ඇඟිලි තුඩගින් තෙරපුමක් දුනහොත් එහි ඇති රෝගකාරක හේතුව වටහා ගත හැකිය.

අප වෙත එන බොහෝ රෝගීන් ඇසුරෙන් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ දැනුම උපයෝගී කරගෙන අප ලබා ගත් අත්දැකීම් බොහෝමයි. ඔබ නොදන්නවා ඇති දෙපතුලෙහි පහළ කොටසේ එක් සංවේදී තැනක් තියෙනවා. එතැන නිල හරියටම ඇල්ලුවොත් ඔබේ උකුළේ සිට කලවා දක්වා දිවෙන සයටික ස්නායු ධාතූන්වල ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් කොයි තරම්ද කියා දැනගන්න පුළුවන්. ඒ හරහා සිරුරේ රෝගියාට පීඩා දෙන ස්නායු ක්‍රියාකාරීත්වයේ දුර්වලතා වටහාගන්න පුළුවන්. ඒකට බටහිර විද්‍යාව වගේ එක්ස්රේ හෝ වෙනත් පරීක්ෂණ වාර්තා ඕනෑ නෑ. මේ නිසා ඉතාමත් ස්වාභාවිකව රෝගියාට එසැණින් දැනෙන ප්‍රතිකාර විධි සහ සාත්තු සප්පායම් රාශියක් තියෙනවා. එය රෝගියාගේ මනසටද සහනය ගෙන දෙන ප්‍රතිකාර විධි ක්‍රමයක්.

සිරුරේ රුධිර සංසරණය කොයි ආකාරයෙන් වෙනවද කියන දේ ඉන් ප්‍රධාන වශයෙන්ම දැනගත හැකියි. එය ක්‍රමවත්ද එහි යම් දෝෂයක් තියේද යන්න දැනගත් වහාම අප දන්නවා සිරුරේ කොතැනද ලෙඩේ තියෙන්නේ කියලා.

නිල සම්බාහන ක්‍රමයේදී විද්‍යුත් තරංග හා විශ්ව ශක්තිය ශරීරය තුළ ගමන් කිරීමට සලස්වනවා. ශරීරයේ යම්කිසි කොටසකට හෝ අවයවයකට මෙම විද්‍යුත් තරංග ගමන් නොකරන්නේ නම් එම කොටසෙහි දෝෂයක් වේදනාවක් හෝ රෝගයක් පවතිනවා.

මීට හොඳ උදාහරණයක් ‘අෂ්ට පරීක්ෂා” කෘතියේ දැක්වෙනවා. එය මෙසේය

“ධත්තො නාඩි මාරුක්කෝ පෙජළුකා සර්පයොර්ගනිං, කුලිංග කාක ම½ධුක ගතිං පිත්තශ්‍ය නොපත–”

එහි අර්ථය මෙහෙමයි

“වා කිපි කල්හි නාඩි තොමෝ පූඩාවන්ගේද සර්පයාගේ ද ගමන දරන්නේය. පිත්තයාගේ කිපීමෙන් නාඩි තෙමගේ කුරුල්ලාගේද කවුඩාගේ ද මැඩියාගේද ගමන දරන්නේය”

තවත් තැනක එම කෘතියේම මෙසේද කියැවෙනවා.

“කදාචිත් මන්ද ගමනා කදාචිත් වේගවාහී නිංචි ‍ෙදාස කොපතො ඤෙය්‍යහන්ති සාස්ථාන පිච්චුතා”

එහි අර්ථය මෙහෙමයි

“‍ෙදාස් දෙකක් කිපීමෙන් කිසි කලෙක්හි නාඩි තොම මන්ද වූ ගමන් ඇත්තේය. කිසි කලෙක්හි වේගවත් වූ ගමන් ඇත්තේය. ඒ නාඩි තොම ස්ථානයෙන් ගිලිහුණේ යයි දත යුත්තේය”

මෙහෙව් දැනුමකින් මොනවා කරන්නට බැරිද. දවසක් අප වෙත රැගෙන ආ වයස අවුරුදු 68ක්ම වූ වියපත් රෝගියකුට තිබුණේ බොහෝ තැන්වලින් වෙදකම් කර තිබුණත් සුවකර ගන්න බැරි වූ සන්ධි වේදනාවක්. උරහිස අස්ථිය, දකුණු අතක් හා ඒ පැත්තේම දණහිසෙන් පහළ පාදයේ වළලුකර තෙක් විහිදුණු වේදනාවක්. උදේ නැඟිටිද්දී ඇතැම් විට දහවලේදීත් පාදයේ යටිපතුල් හිරිවැටීමක්, පණ නැතිව යනවා වගේ තත්ත්වයක්.

අප රෝගියා ඇඳට අරන් හොඳින් පිරික්සා බැලුවා. ඔහුගේ යටිපතුළේ සයටික ස්නායුව ගැන දැනගත හැකි නිලය තෙරපා පරීක්ෂා කර බැලුවා. අපට වැටහුණා ඔහුට තිබෙන රෝගී තත්ත්වය.

වරින් වර දින කිහිපයක් එක දිගට අප ඔහුගේ සිරුරේ අප්‍රාණික ස්ථාන සම්බාහනය කර නිල තෙරපුම් කළා. රුධිරය ගමන් නොකරපු තැන්වලට රුධිරය ගලා ගියා. අක්‍රිය ස්නායු ධාතූන්ට පණ එන්නට ගත්තා. කොටින්ම කියතොත් විදුලි පුවරුවකින් ඒ ඒ ස්ථාන වෙත විද්‍යුත් තරංග ගමන් කරන්නට සලස්වනවා වගේ පණ දෙන්න ගත්තා. ඉතා කෙටි කලකින් එම රෝගියා පෙර සිටි තත්ත්වයටම පත්වූ, පූර්ණ සුවය ලැබූ කෙනකු වුණා.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය. අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා – මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න.

සුලක්ඛන ජයවර්ධන