කාන්තාවන්ට ආවේණික මණිබන්ධ සන්ධි රෝගයට නික-පාවට්ටා කොට්ටපොල්වලින් සාර්ථක ප්‍රතිකාරයක්

0
75

අද සමාජය තුළ හුදෙක් කාන්තාවන්ගේ අතමිට මොළවන විට ඇඟිලි හිරිවැටීම, මැණික් කටුවේ සිට ඇඟිලි දක්වා හිරිවැටීම, යම් දෙයක් වැඩි වේලාවක් අල්ලාගෙන සිටීමට අපහසු වීම හා දරාගෙන සිටීමට ඇති නොහැකියාව, රෙදි මිරිකීමට හා පොල් මිරිකීමට අපහසු වීම මෙන්ම අත පාවිච්චි කිරීමේදී ඇතිවන අක්‍රමිකතා, ඇඟිලි තුඩුවලින් කරන කාර්යයන් කරගැනීමට ඇති අපහසුතාව ඇතිවන්නේ කෙබඳු හේතූන් නිසාද යන වග ඔබ දැනුවත් වීම ඉතාම වැදගත් වනවා.

මෙයට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. ඉන් එකක් වනුයේ මණිබන්ධ සන්ධි විභ්‍රාඝය (carpel tunnel syndrome) මැණික් කටුව ආශ්‍රිත ඛණ්ඩරාව (Ligament) ඉදිමී යෑමෙන් අත්ල හා ඇඟිලිවලට ගමන් කරන ස්නායු අවහිර වීමක් සිදුවෙනවා. ඇතුළතට මෙන්ම සමහර විටක පිටතටද ඉදිමී යෑම සිදුවන්න පුළුවන්. ඉදිමීම නිසා ස්නායු පර්යන්තය තෙරපී යෑමෙන් එම ස්නායුවලට අදාළ ඉන්ද්‍රියන් හිරිවැටීම, ඉදිමීම මෙන්ම වේදනාව ඇතිවිය හැකියි.

බටහිර හා වෙනත් වෛද්‍යවරු මේ සඳහා මැණික්කටු සන්ධියේ සැත්කම් සිදුකර ඛණ්ඩරාවේ ඉදිමීම ඉවත් කරනු ලබනවා. එහිදී එහි කැල්සියම් හා පොස්පේට් තැන්පත් වී ඇත්නම් ඒවාද ඉවත් කරනු ලබනවා.

නමුත් දේශීය වෛද්‍යවරු වශයෙන් අප සිදුකරනු ලබන්නේ එම ඛණ්ඩරාවේ ඉදිමීම අඩුකරලීමට අභ්‍යන්තර ඔෟෂධ යොදන අතරම බාහිරව තෙල්, පත්තු හා කැවිලි වර්ග යොදා එහි වූ අවහිරතා ඉවත් කරනු ලබනවා.

අත් හිරිවැටීම, ඉදිමී වේදනාව දුන් සැණින් ඔබ මෙම රෝගය වරදවා වටහාගෙන සැත්කම්වලට යොමුවන්න එපා. මන්ද මේ හා සමාන වූ ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝග තත්ත්ව පවතිනවා.

සුෂුම්නාවේ බෙල්ලේ සිට ආරම්භ වී අත දිගේ යන ස්නායු බෙල්ල ආශ්‍රිතව තෙරපීම නිසා ඇඟිලි, අත්වල වේදනා හා හිරිවැටීම එන්න පුළුවන්. අත දිගට දුවන වේදනාව සමඟ ඇඟිලි හිරිවැටීම හා වේදනාව නැතිව ඇඟිලි පමණක් හිරිවැටීමක් ඇති විය හැකිය. මෙහිදී මැණික් කටුවට ප්‍රතිකාර කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකි අතර කශේරුවේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයට ප්‍රතිකාර කළ යුතුයි.

තවද කාන්තාවන්ට විශේෂයෙන් ඇති විය හැකි රෝගාබාධයක් වන්නේ වැළමිටේ වේදනාව. මෙහිදී වැළමිටෙන් ඉහළට හෝ පහළට වේදනාව ගමන් කිරීම සිදුවනවා. මෙය අප ටෙනිස් එල්බෝ (Tennis elbow) යනුවෙන් හඳුන්වන අතර ඇතුළට වේදනාව ඇතිවනවා නම් එය ගොල්ෆ් එල්බෝ (Golf elbow) නමින්ද හඳුන්වනවා. වැළමිට සන්ධියට සම්බන්ධ ඛණ්ඩරාවලට හානි සිදුවීම නිසා මෙය ඇතිවන අතර එම හානි පූරණය වීමට ටික කාලයක් ගතවනවා.

මෙහිදීද අත දිගට යන වේදනාවක්, කිසිදු දෙයක් අල්ලා ගැනීමට නොහැකි වීම, හිරිවැටීම ආදියද ඇතිවන්න පුළුවන්. මේ සඳහා පත්තු හා තැවිලි පොට්ටනි භාවිත කරන අතර සුදුසු ඔෟෂධීය තෙලක් ආලේප කර

නික කොළ

බෙහෙත් එඬරු කොළ

පාවට්ටා කොළ

අමු ඉඟුරු

සුදු ලූනු

කොට්ටපොල්    

නමුත් මෙහිදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම මඟින් තම රෝගාබාධය නිසි ලෙස හ¾දුනාගැනීම, එයට නිසි ලෙස ප්‍රතිකාර යෙදීම මඟින් ඔබට පූර්ණකාලීන සුවයක් අපේක්ෂා කළ හැකියි.

එසේම වේදනා නාශක නම් කඩතුරාවට වැසී ඔබගේ රෝගය නිට්ටාවටම සුවකර ගැනීම පමා කරගැනීමට හෝ අනවශ්‍ය ලෙස සැත්කම් සිදුකර ගැනීමට යොමුවන්නේ ඇයි. වේදනා නාශක මඟින් හුදෙක් කරනු ලබන්නේ රෝගය යටපත් කිරීම පමණයි.

 විජිත කේ. පතිරණ