ඊජිප්තුවේ කොන්ශුට ජීවිතය හිලව් කළ Mocnknight

0
553

මේ දවස්වල ටීවී සීරිස්  marvel ෆෑන්ස්ලා අතර වැඩිපුරම කතාබහට ලක්වෙන ටීවී සීරිස් මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන්න තිබෙන උත්තරය තමයි ‘මූන් නයිට් – (Moon Knight)’ මාවල් වෙබ් සීරිස් එක. ‘මූන් නයිට්’ කියන්නේ මාවල් ස්ටුඩියෝ හරහා නිර්මාණය වෙන හයවැනි ටීවී සීරිස් එක විධියට  මේ අවුරුද්දේ මාවල් ෆෑන්ස්ලට නරඹන්නට ලබෙනවා. දැනට මාවල් ස්ටුඩියෝව විසින් පිළිවෙළින් “wanda Vision”, “The Falcon and the Winter Soldier”, “Lokiz”, “What If”, “hawkeye” යනුවෙන් ටීවී සීරිස් පහක් නිෂ්පාදනය කරලා තිබෙනවා. මාවල් ස්ටුඩියෝව චිත්‍රපට හදන ගමන් දැන් ටීවී සීරිස් එක දිගට හදන වැඩේ නිසාම මාවල් ෆෑන්ස්ලගෙන් වෙබි සීරිස් බලන්න පුදුමාකාර විධියට Addicted වෙලා එපිසෝඩි හයකින් සමන්විත මිනී සීරිස් එකක් විධියට  එන්නේ.

“මාර්ක් ස්පෙක්ටර් (Marc Spector)” කියන්නේ මාවල් කොමික් චිත්‍ර කතා පිටු අතරින් උප්පත්තිය ලබපු හොඳම සුපිරි වීර චරිතයක්. මාවල් කොමික්ස් වෙනුවෙන් මේ Comic Character එක නිර්මාණය කරන්නේ Dough Moench සහ Don Perlin විසින් 1975 අවුරුද්දේ. Werewolf by Night #32 කොමික් කලාපයෙන් මුල් වතාවට හඳුන්වා දෙන “මූන් නයිට්” “Avengers”, “Midnight Sons”, “Defenders”, “Marvel Knights” වගේ ටීම්ස් ගණනාවක ප්‍රධාන සාමාජිකයෙක් වෙලා ඉඳලා තිබෙනවා. මේ ‘මාර්ක් ස්පෙක්ටර්’ කියන්නේ මානසික රෝගයකින් පීඩා විඳින පුද්ගලයෙක්. මාර්ක්ට තියෙන්නේ Dissociative Identity Disorder (DID) කියන තමන් කවුද කියලා හරියටම හොයාගන්න බැරි Multiple Personality Deseas එක. මේ රෝගය නිසා මාර්ක්ට සාමාන්‍යය පුද්ගලයෙක්ට වගේ විවිධ පුද්ගලයන්ගේ පෞරුෂයන් (personalities) ගණනාවක්ම තිබෙනවා. මාර්ක් ස්පෙක්ටර් කියන්නේ ඒ අතරින් සාමාන්‍යයෙන් ප්‍රධාන පෞරුෂය විධියට  හඳුන ගන්නවා. මාර්ක්ට අමතරව සීරීස් එකේ බලාගන්න ලැබෙන ස්ටීවන් ග්රාපන්ට්, කේ.ජේ. ලොක්ලී වගේ තවත් personalities කිහිපයක්ම තිබෙනවා.

“මාර්ක් ස්පෙක්ටර්” කියන සාමාන්‍ය පුද්ගලයාට සුපිරි වීරයෙක් විධියට  බලය ලැබෙන්නේ අනපේක්ෂිත විධියට. මාර්ක්ගේ ළමා කාලය, තරුණ කාලය, පවුල් පසුබිම එච්චර හොඳ එකක් නම් නෙමෙයි. ඒ නිසාම මාර්ක්ට හුඟක් දේවල් අහිමි වුණු නිසාම මැරීන් හමුදා භටයකු විධියට  සේවය කරලා අවසානයේදි කුලී හේවායෙක් විධියට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලයේදී තමා මාර්ක්ට ජීවිත දෙකක් බේරාගන්න ඊජිප්තුවේ මෙහෙයුමකට යන්න සිද්ධ වෙන්නේ. මේ මෙහෙයුම අතරතුර මාර්ක් මැරෙනවා. මේ වෙලාවෙදි තමයි ඊජිප්තු දේව මණ්ඩලයේ ඉන්න ප්‍රබල දෙවියකු වුණු ‘කොන්ශු’ මාර්ක්ගේ ජීවිත කතාවට අවතීර්ණ වෙන්නේ.

මාර්ක් ස්පෙක්ටර් ‘කොන්ශු’ කියන දෙවියාගේ වේශයෙන් මූන් නයිට් බවට පත් වෙනවා කොන්ශු කියන්නේ දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් කිවිවට නිකං දෙවි කෙනෙක් නෙමෙයි. ඊජිප්තු ශිෂ්ටාචාරය කියන ලෝකයේ පැරැණිතම ශිෂ්ටාචාරයක වන්දනාවට පාත්‍ර වුණ ‘කොන්ශු’ කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දෙවිවරුන් අතරින් සඳට අධිපති දෙවියන්. කොන්ශු කියන දෙවියා මාර්ක් මියගියාට පස්සේ මාර්ක්ට එක යෝජනාවක් කරනවා. ඒ තමන්ට මාර්ක්ගේ ජීවිතය බේරගන්න හැකියාව තිබෙන බවත් ඒ වෙනුවෙන් ඉතුරු ජීවිත කාලෙම ඊට හිලව් වෙන්න තමන්ට සේවය කරන ලෙසත් කොන්ශු යෝජනා කරනවා. ඉතිං මාර්ක් මේ යෝජනාවට කැමැති වීමේ ප්‍රතිඵලයක් විධියටයි, මූන් නයිට් කියන අනුකම්පා විරහිත වීරයා බිහි වෙන්නේ.

මේ හරහා මාර්ක් නොහොත් මූන් නයිට් කියන්නේ Superhero කෙනෙක් විධියට  හැකියාවන් (abilities) ගණනාවක් එක්ක උපත ලබන චරිතයක්. විශේෂයෙන්ම සටන් කිරීමේ හැකියාව වගේම ආයුධ හැසිරවීමේ ප්‍රවීණයෙක් විධියට  සහ ශරීර ශක්තිය ඉක්මනින් සුවවීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. කොන්ශු නිතරම මාර්ක්ගේ පසු පසින් ඉන්න නිසාම මියගිය අවස්ථා ගණනාවකම කොන්ශු නිසා මූන් නයිට්ට නැවැත ජීවිතය ලැබෙනවා. ඉතින් මූන් නයිට් ලේසියෙන් මරන්න බැරි අමරණීය චරිතයක් කිව්වට වැරැදි නැහැ. කොමික්වලදි නම් මූන් නයිට් තමන්ගේ වැඩවලට මේ පෞරුෂයන් එක එක විධිවලට ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් මේ වගේ හොඳම චරිතයක් තමා මාවල් සිනමා සමාගම ලයිව් ඇක්ෂන් එකක් විධියට තිරයට රැගෙන එන්නේ.

අතිශය ජනප්‍රිය සුපර්හීරෝ ශානරයේ  ටීවී සීරිස් එකක් වන ‘The Umbrella academy (2019)’ ලියපු Jeremy Slater තමයි මූන් නයිට් කතා මාලාවේ Script එකේ රචකයා බවට පත්වෙන්නෙ. Marvel Cinematic Universe එකේදි මාර්ක් ස්පෙක්ටර් විධිහට පණ පොවන්නේ එසේ මෙසේ චරිතයක් නම් නෙමෙයි. සම්මාන පිට සම්මාන ලබපු රංගන ශිල්පියෙක් වෙන ඔස්කාර් අයිසැක් (Oscar Isaac) විසිනුයි. මූන් නයිට් විධියට  ජීවමාන වෙන්නේ මීට අමතරව May Calamawy Karim El Hakim Murray Abraham Ethan Hawke කතා මාලාවට රංගනයෙන් දායක වෙනවා.

මූන් නයිට් කතා මාලවේ රූගත කිරීම් 2021 අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් මෙන්ම ජෝර්දානය සහ ජෝර්ජියාවේ දර්ශනතලවල රූගත කිරීම් කරලා සිදු කරලා තිබෙනවා. මේ වෙනකොට ‘මූන් නයිට්’ කතා මාලාව IMDb ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මීටරය 8.9/10 දක්වා ඉහළටම කරකවලා වැඩි අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා වගේම රොටෙන් ටොමැටෝස් හෙවත් කුණු තක්කාලි සිනමා විචාරකයන්ගේ 87%ක ඉහළ ප්‍රතිචාර අගයක (Positive review reception) ලබාගන්නත් ‘මූන් නයිට්’ සමත්වෙලා තිබෙනවා. ඒ වගේම ඔස්කාර් අයිසැක්ගේ රංගනය නිසාම සිනමා විචාරකයන්ගෙන් මූන් නයිට් කතා මාලාවට ලැබෙන්නේ හොඳ විචාර ප්‍රතිචාරයක්.

ඊජිප්තු මිථ්‍යා විශ්වාස – දේව සංකල්ප Based කරගෙන ‘මූන් නයිට්’ කතන්දරය හදලා තිබෙන නිසාම Interesting ගතිය වැඩියි. මෙතරම් ඉහළ ප්‍රතිචාර ලබාගන්නට මූන් නයිට් කතා මාලාවට පුළුවන් වුණේ ‘මූන් නයිට්’ ප්‍රධාන චරිතයට පණ පොවන ඔස්කාර් අයිසැක්ගේ රියලාස්ට්ක් ඇක්ට් එක නිසාමයි. Psychological Character එකක් විධියට  මාර්ක් ස්පෙක්ටර්ගේ Self Introduction එක Well made විධියට  කරලා තිබෙනවා. ලොකුම කේ‍රඩිට් එක යන්න ඕන Moon Knight Screenplay එක ඇතුළේ මාර්ක් ස්පෙක්ටර් හෙවත් මූන් නයිට්ගේ Character Development එක සිනමැටික් විධියට  කරලා තියෙන විධියට. විශේෂයෙන් කතා මාලාව ඇතුළේ මාර්ක් ස්පෙක්ටර්ගේ disorder එක represent කරන මුහුණ බලන කණ්ණාඩිවලින් (Mirrors) සහ ප්‍රතිබිම්බවලින් Psychological with horrific රහක් දෙනවා.

නිරන්තරයෙන්ම වගේ Cinematography සහ Color Combination එක නම් ටෙක්නිකලි පැත්තෙන් ෆිල්ම් එක ගොඩදාලා තිබුණා සහ Visual Effects ෆිල්ම් එකට සෙටි වෙන විධියට නිර්මාණය වෙලා තිබුණා. Background Music නම් ෆිල්ම් එකේ Egypt Cultural තීමි එකත් එක්ක හරියටම මැච් වෙන විධියේ ඊජිප්තියානු classic rock and middle eastern මියුසික් ශෝනර් එකත් එක්ක මික්ස් වුණු රහ songs ටිකක් තිබෙනවා. කතා මාලාව පුරාවටම Dark ගතිය. Horrific ගතිය ඉස්මතු කරලා ගන්න තිමැටිකලි කලර් ටෝන් එක විධියට  යොදාගෙන තිබුණ වයිට් ඇන්ඩ් සිල්වර් ටෝන් එක නම් මරු. මූන් නයිට්ගේ Suit එකත් එක්ක Jump වෙන සමහර තැන්වලදි බැට් මෑන් කැරැක්ටර් එක එහෙම මතකයට එන එක වළක්වන්නට බෑ. Serious character එකක් වගේම මූන් නයිට් කියන්නේ Funny Comedy character එකක් විධියටත් Entertainment එකක් ලැබෙනවා.

කොමඩි, ඇක්ෂන් – ඇඩ්වෙන්චර්, සයිකොලජිකල්, හොරර්, සුපර්හීරෝ මික්ස් ෆෘට් එකක් විධියට එක පැකේජ් එකකින් ආතල් වැඩ නම් කෝටියක් සපයනවා. මේ ලබපු සාර්ථකත්වයත් එක්ක බොහෝ විට ඉදිරියේ දී මාවල් සිනමැටික් යුනිවර්ස් (MCU) එකේ නිර්මාණය වන චිත්‍රපටවල දක්නට ලැබෙන සුලබ චරිතයක් විධියට මූන් නයිට් චරිතය බවට පත් කරන බව මාවල් ස්ටුඩියෝ සමාගමේ සභාපති වන ‘කෙවින් ෆිජ්’ පවසා තිබුණා. මාවල් සිනමා විශ්වයට තවත් සුපිරි වීරයකුගේ ආගමනයත් සමඟ සයිකොලජිකල් ⁣හොරර් පන්නයේ Cinematic වැඩක් විධියට සහ ‘මූන් නයිට්’ මිනී සීරිස් එක මූඩ් ෆික්ස් කරගන්න බලන්න වටින මරු ටීවී සීරිස් එකක් විධියට ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්.

මලින්ත විතානගේ