NOTICE: ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම් දීමක්!

0
1344

දැනට නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන්වලට ලාෆ්ස් ගෑස් සිලින්ඩර අලෙවි කරමින් පාරිභෝගිකයින් පීඩාවට පත්වන ආකාරයේ අනිසි ලාභ ඉපැයීම් පිළිබඳ සිද්ධි වාර්තා වී ඇතැයි ලාෆ්ස් සමාගම පවසයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ලාෆ්ස් ගෑස් සමාගමේ පාරිභෝගික සේවා අංශයට 1345 දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස සමාගම ඉල්ලා සිටී‍.

මේ අතර, ලාෆ්ස් ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු තවදුරට ත් පුළුල් කර ඇති බව එම සමාගම පවසයි.