“සිපෙට්කෝ ෂෙඩ් 600ක් සමාගම් 2කට විකුණන්න යනවා” – ජයන්ත සමරවීර

5
1037

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 1,300ක ප්‍රමාණයෙන්, පිරවුම් හල් 600ක් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් දෙකකට දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ ය.

එම එක් සමාගමකට පිරවුම්හල් 300 බැගින් සමාගම් දෙකට පිරවුම්හල් 600ක් ලබා දීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ ය.

ඒ අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු 90%ක ඉන්ධන පිරවුම් හල් ප්‍රමාණයෙන් 70%ක් තෙල් නිෂ්පාදිත රටවල සමාගම්වලට හිමිවීමට නියමිත බව ද එම නිසා මෙරට බලශක්ති ක්ෂේත්‍රය රටට අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කීය.

පසුගිය ජුනි 26 වන දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම කටයුතු සකස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් පැවසුවේ ය.

5 COMMENTS

  1. මුන් වැඩ කරන්නෙත් නෑ කරන එකෙකුට දෙන්නෙත් නෑ. ඇයි යකඩෝ, රටේ ඉන්ධන නැති එකේ ඉන්ධන නිපදවන රටවල් වලට දීලා හරි ඉන්ධන අර්බුදය විසඳන්න නෙවේද ඕන? මේ වගේ බූරුවන්ට ඡන්දය දෙන්න වටිනවා ද? සිපෙට්කෝ එකේ ඉන්ධන හාල් වලින් 100% ම කාටහරි දීලා හරි රටේ ඉන්ධන ප්‍රශ්නය විසඳන්නයි ඕන. සිපෙට්කෝ එකට ඕන නම් ඇති තරම් ලයිසන් දීලා අලුත් ඉන්ධන හල් හදාගන්න බැරිද තෙල් තියන කාලෙක? මේක හරියට ඉන්ධන හලක් හදන්න බිලියන ගණනක් වියදම් වෙනවා වගේ. පහුගිය කාලේ ව්‍යාපාරිකයෝ ඉන්ධනහල් ලයිසන් ගන්න පගාව දුන්නා.

  2. තෙල් නැති ෂෙඩ් තිියාගෙන ඉඳලා මොන මගුලක් කරන්නද මිනිහෝ විකුණලා හරි හරියට තෙල් ටික දෙනවනං එච්චරයි

Comments are closed.