ශ්‍රී ලංකාව අසරණ වෙයි: තුන් වන දිනයේදී ම ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

0
270

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට පහසු ජයක් හිමි විය.

තරගයේ තෙවන දිනයේදී ම ඔස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලු කඩුලු දැවී ලකුණු 212ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිමේදී සියලු කඩුලු දැවී ලකුණු 321ක් රැස් කළේ ය.

දෙවන ඉනිමේදී දුර්වල පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 113කට සීමා විය.

එහිදී වැඩි ම ලකුණු රැස් කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 23කට දැවී ගියේ ය.

තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වූයේ, ලකුණු 10ක් පමණි.

එහිදී පන්දු 4කට මුහුණ දුන් ඩේවිඩ් වෝනර් 6 පහරක් සහ 4 පහරක් එල්ල කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.

පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77ක් රස් කළ කැමරන් ග්‍රීන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.