ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
ඊයේ (ජූනි 30) දිනයේ ඇතිවූ තිබූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ පරීක්ෂණයකදී මේ බව හඳුනා ගෙන ඇත.
ඒ අනුව, ඔහු මේ වන විට සෙසු ක්‍රීඩකයින්ගෙන් හුදෙකලා කර, නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
මේ වනවිට පැවැත්වෙන සංචාරක ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ද ඇන්ජෙලෝ මැතිව්ස් සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළේ ය.
කෙසේ වෙතත්, ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරට ත් පැවසීය.