අද (ජූලි 1) දිනයේ සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්රවාහන ගැටලු මත කාර්යය මණ්ඩලවලට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු ඇත.
අවලංගු වූ දුම්රිය ගමන් වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.