මුහුණට මුහුණ සාකච්ඡාවලින් පසු IMF නිලධාරීන් ශ්‍රී ලංකාව ගැන කළ ප්‍රකාශය

0
2284

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩපිළිවෙළක් මගින් ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග ඵලදායී සාකච්ඡා පැවැත් වූ බව එම අරමුදල පවසයි.

එහිදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, නුදුරු කාලීනව EFF විධිවිධානය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම සඳහා සාකච්ජා ඉන්ටර්නෙට් ඔස්සේ දිගට ම පවත්වන බව එම නියෝජිතයින් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන නව වැඩසටහනේ අරමුණු වනුයේ, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ දූෂණ අවදානම් විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ය.

ජූනි මස 20 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස මෙරටට පැමිණි අතර ඔවුහු සතියකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මෙරට බලධාරීන් සමග සාකච්ඡාවල නිරත වූහ.

සාකච්ඡාවලින් අනතුරුව අදහස් දක්වමින් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර ඇත.

“ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඉහළ උද්ධමනය මෙන් ම එය ඉහළ යන අතර ම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වෙලා. අප කළ සංචාරයේදී සංචාරයේදී, ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් කණ්ඩායමට දැකගත හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරනවා.”

IMF ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න…