අද ඉන්ධන ලබා ගත හැකි LIOC පිරවුම් හල් මෙන්න

0
4447

ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා අයි.ඕ.සී. පර්යන්තයෙන් ඊයේ (ජූනි 28) සිය පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු කළ බව එම සමාගම පවසයි.

ඒ අනුව, අදාළ පිරවුම් හල්වලින් අද (ජූනි 29) දිනයේ ඉන්ධන ලබා ගැනීමට හැකි බව එම සමාගමේ සාමාන්‍යාධිකාරී මනෝජ් ගුප්තා මහතා mawbima.lk වෙත පැවසීය.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තම සමාගම කටයුතු කරන බව ය.

කෙසේ වෙතත් ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන නිකුත් කිරීම සීමා සහිතව සිදු කරන අතර ඒ අනුව, යතුරුපැදි සඳහා රුපියල් 1,500ක සීමාවකට යටත්ව පෙට්‍රල් නිකුත් කෙරෙන අතර, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,500ක පෙට්‍රල් නිකුත් කෙරේ.

මෝටර් රථ සඳහා පෙට්‍රල් නිකුත් කරන්නේ, රුපියල් 7,000ක සීමාවකට යටත්ව ය.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය සීමා පැනවූව ද, LIOC සමාගම අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා ද ඉන්ධන නිකුත් කිරීම තවදුරට ත් සිදු කරන බවට එම සමාගම ඊයේ සඳහන් කළේ ය.