හල්වතුර පාලමෙන් පැන්න කත බේරාගෙන

0
43

බුලත්සිංහල, හල්වතුර පාලමෙන් ඊයේ (28දා) උදේ කළු ගඟට පැන්න කාන්තාවක් බේරාගෙන රෝහල්ගත කිරීමට එම අවස්ථාවේ ගඟේ වැලි ගොඩ දමමින් සිටි පිරිසක් ඉදිරිපත් වීමේ පුවතක් බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

හල්වතුර පාලමේ ඇන්ද උඩ කාන්තාවක් සිටින ආකාරය දුටු පාපැදිකරුවකු ඒ බව  පාලම අසල සිටි තරුණ පිරිසකට දැනුම් දී ඇති අතර තරුණ පිරිස ඒ දෙසට දිව යන අතරතුර කාන්තාව ගඟට පැන ඇත.

එම අවස්ථාවේ වැලි ගොඩ දමමින් සිටි පිරිසක් කාන්තාව දියෙන් ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදී 1990 ගිලන් රථයකින් ඉංගිරිය රෝහලට යවා ඇත.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාව හොරණ රෝහලට මාරු කර යවා ඇති අතර සිද්ධිය පිළිබඳ බුලත්සිංහල  පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක අනුර වල්පොල මහතා පරීක්ෂණ කරයි.

මතුගම – වසන්ත කුමාර