කොලොන්නාවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවයි

0
756

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ.

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන තොග නිකුත් කරන බව ය.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල්වලින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවන ලෙස ද පිරවුම්හල් දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත්, අද දිනයේදී ද සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණි.

මේ අතර, IOC සමාගම පවසන්නේ, සිය ඉන්ධන පිරවුම් හල් හරහා පෞද්ගලික වාහනවලට ද ඉන්ධන නිකුත් කරන බව ය.