මල් කඩන කොල්ලෙක් දුරකථන විනය හදාගන්නේ කොහොමද?

0
162

අද අපි ඔයාලට කියලා දෙන්න හිතුවෙ  කොල්ලෙක්/කෙල්ලෙක් නැත්තම් ඕනම කෙනෙක් දැන ගන්න ඕන දුරකථන ආචාරධර්ම (telephone ethics) කිහිපයක් ගැනයි. සාමාන්‍යයෙන් දුරකථනයකින් අපි කරන්නේ අන් අය අතර සන්නිවේදනයක්. ඉතින් මේ සන්නිවේදනය හරි විධියට කරන්න ඕන වගේම ඒ ඔස්සේ අනෙක් කෙනා හට අපි ගැන හොඳ වැදගත් ප්‍රතිරූපයක් මවා පෑම සිදුකරන්නත් ඕනෑ. අපි දැකල තියෙන විදිහට සමහර අය සමහර වැදගත් අවස්ථාවන් නැතිකර ගැනීමට පවා මේ දුරකථන ආචාර ධර්ම ගැන නොදැනුවත්කම හේතුවෙලා තියෙනවා. ඉතින් හැමෝටම වැදගත් මේ ආචාර ධර්ම ගැන කියවලා විතරක් නිකන් ඉන්නේ නැතිව අද ඉඳන් ක්‍රියාත්මක කරන්නත් මතක තියාගන්න.

01 3න් පාරෙන් ගන්න

කවුරු හරි කෙනෙක් අපිට කෝල් එකක් ගන්න කොට ඒක ඉක්මනටම ආන්සර් කරනවද? නැත්තම් ටිකක් වෙලා ගිහින් ආන්සර් කරනවද කියලා ගොඩක් අය හිතනවා. කෝල් එකක් ආන්සර් කරන්න සෑහෙන වෙලා ගත්තොත් ඒ ගන්න කෙනාටම එපා වෙලා කෝල් එක කට් කරන්න පුළුවන්. ඒ නිසා කෝල් එකක් එන සැණෙකින්ම සමහර අය ගන්න පුරුදු වෙලා ඉන්නවා. වෙලා ගිහින් කෝල් එකක් ආන්සර් කරන එක වගේම ගත්ත ගමන්ම ආන්සර් කරන එකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න කෙනාට යම්කිසි සූදානමක් ඕන වගේම අපි වෙනත් වැඩක යෙදිලා හිටියා කියලා අනෙක් කෙනාට ටිකක් තේරෙන්න අරින්නත් ඕන.

ඒක නිසා තුන් වතාවක් කෝල් එක rings වෙන්න තියලා කෝල් එකක් ගන්න එක ඉතාමත් ප්‍රශස්ත කාලයක් කියලයි බොහෝ දෙනෙක් අදහස් කරන්නේ. තුන් වතාවක් rings වෙන්න තියලා ඔයා කෝල් එකක් ආන්සර් කළාම, කෝල් එකක් ගත්ත වහාම ආන්සර් කළේ නැහැ වගේම කෝල් එක ගන්න කෙනාට එපා වෙනකල් බලාගෙන ඉන්න ඉඩ හැරියෙ නැහැ කියන එකත් සන්නිවේදනය වෙනවා. ඒක කෝල් එක ගන්න කෙනාට වගේම ඔයාටත් සැහැල්ලුවක් වෙනවා.

02 clear සහ short and sweet වෙන්න ඕන.

අපි කෝල් එකකින් සන්නිවේදනය කරනකොට කටහඬ තමයි වැදගත් වෙන්නේ. කෙනෙක්ගෙ කටහඬ වගේම කතා කරන විලාශයෙන් එයාගේ සමාජ තත්ත්වය, එයාගෙ දැනුම වගේ දේවල් ගැන පොඩිවට වගේ idea එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා හොඳටම ෆිට් ඔයාට ළඟින්ම ආශ්‍රය කරන අයට ඇරුණම දුරස්ථ අයට කතා කරනකොට තමන්ගේ කතා විලාශය ගැන දෙපාරක් හිතන එක ගොඩක් වටිනවා. ඉස්සෙල්ලම good morning, good afternoon කියලා සුබ පතන්න අමතක කරන්න එපා ඒකෙන් කතා කරන කෙනාට ඔයා ගැන යම්කිසි සුහද හැඟීමක් ඇති කරනවා. ඒ වගේම තමයි කටහඬ බයාදු කරන්නෙත් නැතිව සැර කරන්නෙත් නැතිව හරිම මධ්‍යස්ථ විධියට තියාගන්න ඕන.

ඔයාට රාජකාරි මට්ටමෙන් කෝල් එකක් ආවොත් ඔයාගේ නම, ඔයාගෙ තනතුර, ඔයාගේ ආයතනයේ නම ඉස්සෙල්ලම කියන්න ඕන. ඊට පස්සේ මම කොහොමද ඔයාට උදව් කරන්නේ කියලා how can I help you? කියලා අහන එක තමයි නඥපටඥජබ විධිය. ඒ වගේම තමයි කෙනෙක් ඔයාගෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇහුවම ඒ දේට උත්තර සංකීර්ණ කරලා වැල්වටාරම් කියන්නේ නැතිව හරිම short and sweet විධියට උත්තර දෙන්න ඕන. මොකද අනෙක් කෙනා යම් කිසි දෙයක් දැනගන්න එයාගෙ සල්ලි කපාගෙන අපිට කෝල් කරනකොට අපි ඒකට සාධාරණයක් ඉටු කරන්න ඕන.

03 missed කෝල්වලට ආයෙත් ගන්නවද?

ඔයාගේ ෆෝන් එකෙන් ටිකක් අෑත් වෙලා  ඉඳලා එනකොට missed කෝල් එකක් ඇවිත් කියලා notification එකක් තිබුණොත් කෝල් එකක් අරගෙන බලනවද නැද්ද කියලා ගොඩක් අය හිතනවා. ඔයාට වැදගත් රාජකාරි කෝල්ස් එනවනම්, නැතිනම් වැදගත් කෝල් එකක් එනකන් බලාගෙන ඉන්නවා නම් එක මිස් කෝල් එකක් තිබුණත් ඒකට ආයෙ පාරක් අරගෙන බලන එක වාසිදායකයි. ඊළඟට land number එකකින් සාමාන්‍යයෙන් ටිකක් සීරියස් කෝල් එන්න පුළුවන් කියලා නිගමනය කළොත්, එතකොට land number missed කෝල් එකකට ගන්න එකත් කමක් නැහැ. ඒ වගේම තමයි missed කෝල් එකකට වඩා ඇවිත් තියෙනවා නම් අනිවාර්යෙන්ම ආයෙ පාරක් ඒ කෙනාට අරගෙන බලන්නත් අමතක කරන්න එපා.

04 ඉවසලා කතා කරන්න.

අපිට කෝල් ගන්න කෙනා telephone ethics ගැන නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාගේ හැසිරීම අපිට ටිකක් කරදරකාරී වගේම අපිව ප්‍රකෝප කරවන්න පුළුවන්. ඒ කෙනා ඕනවට වඩා කතා කරන්න පුළුවන්, ඕනවට වඩා අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්, අපේ ගත වෙන කාලේ ගැන හිතන්නේ නැතිව ඕනෙ එකයි එපා එකයි ගැන කියවනවා වෙන්න පුළුවන්.

 දාහක් වැඩ මැද්දේ කාර්යබහුල වෙලා ඉන්න ඔයාගෙ ලේ ප්‍රකෝප කරන්න තරම් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒත් ඔයා එක පාරටම ඒ කෙනාට බනින්නෙ නැතිව ටිකක් ඉවසීමෙන් කතා කළොත් ඔයාගෙ ආචාරධර්ම ඉහළම තැනක තියෙනවා කියන්න පුළුවන්. ඔයාට ඒ තත්ත්වය පාලනය කර ගන්න බැරි වුණාම ඔයා ඉන්න සිටුවේශන් එක ගැන ඒ කෙනාට ටිකක් පැහැදිලි කරලා දැන් කතා කරන එක ඔයාට ටිකක් අමාරුයි කියන දේ එයාට ඉවසීමෙන් කියන්න පුළුවන්.

ඔයා යම්කිසි ආයතනයක රැකියාවක් කරනකොට කවුරුහරි කරදරකාරී පාරිභෝගිකයෙක් මේ විධියට ඇමැතුම් අරගෙන කරදර කරගෙන ආවොත් ඒ කෙනාට බනින එක එහෙමත් නැතිනම් සැරෙන් කතා කරන එක ආයතනයට කරන විශාල පාඩුවක්. ඔයා රාජකාරි කරන වෙලාවක මේ විධියට එන කෝල්ස්වලට පුදුම තරම් ඉවසීමෙන් කතා කරන එක ගොඩක් වැදගත් වෙනවා.

05 hold එකෙ තියන්න එපා.

කෝල් එකක් hold කරන option එක වෙලාවකට අපිට පහසුවක් වුණත් තවත් වෙලාවකට මෙහෙම option එකක් තිබුණෙ මොන එහෙකටද කියලා හිතෙන තරම් එපා කරපු දෙයක් වෙන්නත් පුළුවන්. මේක ගොඩක්ම සිදුවෙන්නේ ලංකාවෙ යම්කිසි ආයතනයකට අපි කෝල් එකක් ගන්න ගියාම ටිකක් ඉන්න කියලා කෝල් එක hold කරලා අපිට පැයක් විතර බලාගෙන ඉන්න සිදුවුණාමයි. ඔයාටත් කෝල් එකක් hold කරන්න සිදුවුණොත් ඉස්සෙල්ලම ඒ කෙනාගෙන් අහන්න චුට්ටක් ඉන්න වුණාට කමක් නැද්ද කියලා.

එයා ඒකට ධඬ කියලා කිව්ව වුණත් ඔයාගෙ යුතුකමක් තියෙනවා එයාව තත්පර කිහිපයකට වඩා hold එකේ නොතියන්න. එහෙමත් නැති නම් ඔයාට හදිසි අවස්ථාවක් නම් වෙන කෙනෙක්ව මේ කෝල් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙමත් නැතිව ඔයා අනෙක් කෙනාව කෝල් එකේ රස්තියාදු කළොත් ආය කිසිම දවසක ඒ කෙනා ඔයාට කතා නොකරන තරමට අප්පිරියාව වෙන්න පුළුවන්.

06 හදිස්සියෙන් කෝල් එක තියන්න එපා.

කෙනෙක් ඔයාට කෝල් එක ගත්තහම ඔයා ඒ කෙනාට ඕන කරන උත්තරය දුන්නත් නැතත් දැනගන්න ඕන දේ කිව්වත් නැතත් ඔයාට කෝල් එක කට් කරන්න හදිසි බව පෙන්නන්න එපා. ඔයාට යුතුකමක් විධියට ආයෙත් වතාවක් අහන්න පුළුවන්, මට පුළුවන් මට අන්තිම වතාවට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. එහෙමත් නැතිනම් මගෙන් තව දැනගන්න ඕන මොනවද කියලා. ඒ වගේම තමයි කෝල් එක  ගත්තු කෙනා තමයි ඉස්සෙල්ලම කෝල් එක කට් කරන්න ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෝල් එක ඉවර කරන්න.

නෙත්මා බෙලිගොල්ල