සියවසකට පසු ප්‍රථම වරට රුසියාව විදෙස් ණය ගෙවීම් පැහැර හරියි

1
2005

සියවසකට පසු ප්‍රථම වතාවට රුසියාව සිය විදේශ මුදල් ස්වෛරී ණය ගෙවීම් පැහැර හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් විදේශ ණය හිමියන්ට ණය ගෙවීමේ මාර්ග වසා දැමූ බටහිර දැඩි සම්බාධකවල ප්‍රතිඵලයක් වශයෙන් රුසියාව මෙම පියවර ගෙන ඇති බව ය.

එසේ වුව ද ණය ගෙවීමේ කටයුතු කිරීම සඳහා මාස කිහිපයක් රුසියාව වෙනත් මාර්ග සොයා ගෙන තිබුණ ද ඊයේ එනම්, මැයි 27 වන දාට ගෙවිය යුතු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමේ සහන කාලය අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ණය ගෙවීම් පැහැර හැරීමේ සිදුවීමක් ලෙස සලකන බව එම වාර්තා තවදුරට ත් සඳහන් කර ඇත.

එම වාර්තා පෙන්වා දුන්නේ, එය රට ආර්ථික, මූල්‍ය හා දේශපාලනික වශයෙන් කඩාකප්පල් වූ රටක් බවට වේගයෙන් පරිවර්තනය වීමේ දරුණු සලකුණක් බව ය.

සිය විදේශ ණය හිමියන් වෙත රුසියාව අවසන් වරට ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයකට වැටුනේ සියවසකට වඩා පෙර, ව්ලැඩිමීර් ලෙනින් යටතේ බොල්ෂෙවික්වරුන් 1918 වසරේදී රුසියාවේ දැවැන්ත සාර්වාදී යුගයේ ණය බර ප්‍රතික්ෂේප කළ විට බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

1 COMMENT

Comments are closed.