BREAKING NEWS: අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි (VIDEO)

0
313

අද (ජූනි 27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජූලි 10 වන දා දක්වා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදා හැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනා ගමනය බොහෝ දුරට අත්හිටුවීමට සිදුවන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරට ත් පැවසීය.