නැතිවුණු ආදරය වෙනුවෙන් තවමත් දුක් විඳිනවාද?

0
36

මානව ජීවිතයේ පදනම සබඳතා ලෙස හැඳින්වීම නිවැරදිය. පවුල තුළ, ආදරවන්තයන් අතර, විවාහය තුළ නෛතික වශයෙන් හෝ විවාහයෙන් පරිබාහිරව ඇතිවන අනියම් සබඳතා හෝ එසේත් නැත්නම් මිතුරන් හෝ වෙනත් සමාජ කණ්ඩායම් අතර විවිධ අරමුණු සඳහා ගොඩනඟාගත්  විවිධ අන්දමේ සබඳතාවන් දැක ගැනීමට පුළුවන. සබඳතා ගොඩනඟාගන්නේ නොයෙකුත් අවැසිකම් සඳහා වුවද සබඳතා තුළින් පොදුවේ බලාපොරොත්තු වන්නේ සතුට හා ආරක්ෂාව වැනි ධනාත්මක ප්‍රතිඵලයන්ය. එසේ වුවද  සබඳතා සෑම විටම ගෙනදෙන්නේ යහපත් හා සතුටුදායක තත්ත්වයන් පමණක් නොවේ. සමහර විෂ සහිත  සබඳතාවන් ඔබට ඍණාත්මක භාවය ළඟා කරයි.

ධනාත්මක සබඳතාවන් වුවද පීඩාකාරී ලෙස අවසන් විය හැකිය. එක පාර්ශ්වයක් විසින් හෝ පාර්ශ්ව දෙකම විසින් සබඳතාව අවසන් කිරීම සිදුකළ හැකිය. සබඳතා බිඳීයෑම යනු  පුද්ගලයකුට ජීවිත කාලය තුළදී මුහුණදීමට සිදුවන ඉතා අසීරුදායක තත්ත්වයකි. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, විවාහයෙන් දික්කසාද වීම, තමාගේ ආදරණීයයකු මියයෑම වැනි විවිධාකාර සමීප සම්බන්ධතාවන් බිඳවැටීම කෙනකු තුළ ඇතිකරවන්නේ ඉතා පීඩාකාරී මානසික තත්ත්වයකි. අනෙක් පුද්ගලයා විසින් සබඳතාව අවසන් කිරීම හෝ තමා විසින්ම සබඳතාව අවසන් කිරීම යනු කුමන හෝ තත්ත්වයක අවසන් ප්‍රතිඵලය පීඩාකාරී වන්නේ බොහෝ සබඳතාවන් භාවමය හා  හැඟීම්බර ඒවා වීමයි. ඇතැම් සබඳතා කෙටිකාලීන වුවද තවත් සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඒවා වීමට පුළුවන.

කාලසීමාව කෙටි හෝ දිගුකාලීන වුවත් එම සම්බන්ධතා බිඳ වැටීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මානසික ව්‍යාකූලතාවකට  පත්වීමයි. විරහ වේදනාව යනුවෙන්ද හැඳින්වෙන මෙම තත්ත්වය පාලනය කිරීම හෝ කළමනාකරණය කර ගැනීම විධිමත් ආකාරයට සිදු නොකිරීමෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත. සබඳතා බිඳවැටීම නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය සමබරතාව ගිලිහී යෑමට පුළුවන. එසේම ඒ තත්ත්වය තුළදී එදිනෙදා ජීවිතයේ කටයුතු බිඳවැටීම, අධ්‍යාපනයට හෝ ආර්ථිකයට හෝ වෙනත් සමාජමය අවස්ථාවන්වලට හානි පැමිණවීම හෝ ශාරීරික හානි හෝ සියදිවි නසා ගැනීම් දක්වාම  මෙම තත්ත්වය ගමන් කිරීමටත් පුළුවන. සබඳතා බිඳ වැටීමේදී පසුව ඇතිවන තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත්, අවසන් වූ සබඳතාව මතම නොසිට ඉදිරි අනාගතය වඩාත් යහපත් අයුරින් සකසා ගැනීමට හැකිවනු ඇත. බිඳී ගිය සබඳතාවකින් පසු නැවත යථා තත්ත්වයට පැමිණීමට පියවර කිහිපයක් ඔස්සේ කටයුතු කිරීමට පුළුවන.

1 තමාට හැඟෙන දේ පිළිගැනීම

පෙම් සබඳතාව බිඳී යෑම හෝ දික්කසාද වීම හෝ වෙනත් කිසියම් ආකාරයක සම්බන්ධතාවක් බිඳ වැටීමෙන් පසු ඇතිවන්නේ ධනාත්මක සිතුවිලි නොවේ. දුක, වේදනාව, කම්පනය, ප්‍රතික්ෂේප වීම, පාවා දුන් බව හැඟීම, බය හෝ තමා ලැජ්ජාවට පත් වූවා වැනි හැඟීම වැනි පරාජිත හැඟීම් ඇතිවීම සබඳතාවක් අවසන් වූ විට ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බව පිළිගනිමින් එම හැඟීම් සඳහා මුහුණ දීම පළමුවැනි පියවර යටතේ සිදුකළ යුතුය. තමාගේ සබඳතාව අවසන් වූ බවත් තවදුරටත් තමාගේ සහකරු හෝ සහකාරිය තමා සමඟ නොසිටින බවත් ඒ සඳහා තමන් තනිව මුහුණ දිය යුතු බවත් අවබෝධ කර ගැනීම සිදුකළ යුතුය. එවිට මෙම තත්ත්වයට ධනාත්මකව මුහුණ දීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත.

2  හැඟීම් පාලනය කර ගැනීම සඳහා කෙටිකාලීන ක්‍රමවේදයන් අනුගමනය කිරීම

විශේෂයෙන්ම දිගුකාලීනව පැවති ප්‍රේම සම්බන්ධතාවක් හෝ විවාහය වැනි සම්බන්ධතාවක්  බිඳ වැටුණු විට එය දරා ගැනීම හා ඉන්පසු ඇතිවන බාධාකාරී හෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණදී තනිවම නැවත ධනාත්මක ලෙස ගොඩනැඟීම ඉතා අපහසු වීමට පුළුවන. මෙවැනි අවස්ථාවකදී වෘත්තීය මැදිහත්වීමක් සිදුවන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. සුදුසුකම් ලත් හා පළපුරුද්ද සහිත වෘත්තීය මනෝ උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම මෙහිදී විශේෂයෙන්ම වැදගත් වේ. මෙතෙක් තම ජීවිතයේ කොටසක් හෝ ජීවිතයම ලෙස  සැලකූ සහකරු හෝ සහකාරියගෙන් වෙන්වීමෙන් පසු, භාවමය වශයෙන් ඉතා අපහසු හා ව්‍යාකූල තත්ත්වයක සිටියදී  එම තත්ත්වය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා එම වෘත්තීය මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. සබඳතාව බිඳී යෑම තුළින් ඇති වූ ගැටලුකාරී හා පීඩාදායක තත්ත්වය තුළින් නිවැරදි තීරණ ගැනීමේදී මනසේ  නිරවුල් සමබරතාව ගිලිහී යෑම  සිදුවන නිසා වෘත්තීය මනෝ උපදේශකවරයකුගේ  සහාය ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක තත්ත්වයක් ළඟා කර  ගැනීමට හැකිවනු ඇත.

එසේම සබඳතාව බිඳී යෑම තුළින් ඇති වූ ශෝකයෙන් හෝ දුක්බර තත්ත්වයේ දිගටම ගිලී නොසිට, තමා තනිව හුදෙකලා නොවෙමින් තමාගේ යහළුවන්, පවුල හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමඟ වඩාත් සමීපව හා ක්‍රියාශීලී ලෙස සමාජයීය ජීවිතයක් ගත කිරීම තවත් සාර්ථක පියවරකි. බිඳී ගිය සබඳතාව තුළින් ඇති වූ පාළුව, කාන්සිය, ශෝකය වැනි පීඩාකාරී, සෘණාත්මක හැඟීම් වෙනුවට මිත්‍රශීලී ධනාත්මක හැඟීම් ඔබ තුළ වර්ධනය වනු ඇත. එමෙන්ම  පවුල හෝ හිතමිතුරන්ගේ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වීම හේතුවෙන් ඔබට ශෝක වීමට කාලයක් ඉතිරි නොවනු ඇත.  මිතුරන් හා ඇතිවන සබඳතාවන් හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමඟ ඇතිවන සබඳතාවන් ඔබට අනාගතයේදී නව සබඳතාවන් ගොඩනඟා ගැනීමට මඟ පාදනු ඇත. එසේම මේ තුළින් ඔබ තුළ ඇතිව තිබූ  මානසික අවපීඩනකාරී තත්ත්වයන් අවම කරනු ඇත.

ඇතැම් සබඳතාවන් බිඳී යෑම තුළින් ඔබගේ ජීවිතය උඩු යටිකුරු කරනු ඇත. විවාහය වැනි සබඳතාවක් බිඳීයෑම තුළින් ඔබ ජීවත්වෙන ස්ථානය පවා වෙනස් වීමේ අවදානමක් මතුවේ. තමා මෙතෙක් කල් ජීවත් වූ වටපිටාවෙන් ඉවත්වී ආදරය කළ පිරිසකගෙන් දුරස් වී යෑමට සිදුවීම තුළින් දැඩි ආතතිකාරී තත්ත්වයක්  ඇතිවනු ඇත. එසේම ඒ තුළින් දුක, අසහනය හා තනිවීම වැනි  මනෝභාවයන්ට ඔබ ගොදුරු වනු ඇත. මෙවැනි අවස්ථාවක් ඔබ හොඳින් කළමනාකරණය කර නොගතහොත්  ඔබගේ මානසික සමබරතාව පමණක් නොව ශාරීරික සෞඛ්‍ය පවා අවදානමකට හෙලෙනු ඇත. මෙබඳු අවස්ථාවකදී ඔබ විසින් නව ස්ථානයක  ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය. අලුත් ස්ථානයක පදිංචි වීම සඳහා ඔබට අවශ්‍ය කරන මූල්‍යමය තත්ත්වයක් නොමැති නම් ඔබට සමීපතම පුද්ගලයකුගෙන් හෝ පවුලෙන් හෝ යම්කිසි උදව්වක් ලබා ගනිමින් නව ස්ථානයක ඔබගේ ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය. ඉන්පසු ඔබගේම දෙපයින් නැඟී සිටීම සඳහා අවශ්‍ය කරන කටයුතු සැලසුම් කළ යුතුය.

3   දිගුකාලීන විසඳුම් සඳහා අවධානය යොමු කිරීම මානසික සෞඛ්‍ය වර්ධනය කරගැනීම.

ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි. දුක, ශෝකය වැනි කරුණු සඳහා වුවද මෙම පොදු ධර්මතාව එකසේ අදාළ වේ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පැන නඟින දුක හෝ ශෝකය සැමදා පවතින්නේ නැත. සබඳතාවක් අවසන්වීමෙන් පසු ඇතිවන  අර්බුදකාරී, ශෝකජනක හා ව්‍යාකූල තත්ත්වයද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇත. පෙම්වතා හෝ පෙම්වතිය නොමැතිව ජීවත් වීමට නොහැකිය යන මතයක මුලින් සිටියද, සබඳතාවක් අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් එම අදහස  කාලය ගතවීම සමඟ සහ එය කළමනාකරණය කර ගන්නා ආකාරය අනුව එම තත්ත්වය වෙනස් වී යයි. සබඳතාව බිඳීයෑමට සාර්ථක ලෙස  මුහුණදීමට මානසික සෞඛ්‍ය හා මානසික සමබරතාව රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ඔබ සමාජශීලී හා ක්‍රියාකාරීව සිටිය යුතුවේ. මේ තුළින් ඔබගේ වියෝ වේදනාව හා ආතතිකාරී තත්ත්වය ක්‍රමයෙන් පහව යෑම සිදුවනු ඇත. මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා  ධනාත්මකව  සිතීම හා භාවනාව, යෝග වැනි ක්‍රමවේදයන් ඔබට භාවිත කිරීමට පුළුවන.

නැතිවුණු ආදරය වෙනුවෙන් තවමත් දුක් විඳිනවාද?

මානව ජීවිතයේ පදනම සබඳතා ලෙස හැඳින්වීම නිවැරදිය. පවුල තුළ, ආදරවන්තයන් අතර, විවාහය තුළ නෛතික වශයෙන් හෝ විවාහයෙන් පරිබාහිරව ඇතිවන අනියම් සබඳතා හෝ එසේත් නැත්නම් මිතුරන් හෝ වෙනත් සමාජ කණ්ඩායම් අතර විවිධ අරමුණු සඳහා ගොඩනඟාගත්  විවිධ අන්දමේ සබඳතාවන් දැක ගැනීමට පුළුවන. සබඳතා ගොඩනඟාගන්නේ නොයෙකුත් අවැසිකම් සඳහා වුවද සබඳතා තුළින් පොදුවේ බලාපොරොත්තු වන්නේ සතුට හා ආරක්ෂාව වැනි ධනාත්මක ප්‍රතිඵලයන්ය. එසේ වුවද  සබඳතා සෑම විටම ගෙනදෙන්නේ යහපත් හා සතුටුදායක තත්ත්වයන් පමණක් නොවේ. සමහර විෂ සහිත  සබඳතාවන් ඔබට ඍණාත්මක භාවය ළඟා කරයි.

ධනාත්මක සබඳතාවන් වුවද පීඩාකාරී ලෙස අවසන් විය හැකිය. එක පාර්ශ්වයක් විසින් හෝ පාර්ශ්ව දෙකම විසින් සබඳතාව අවසන් කිරීම සිදුකළ හැකිය. සබඳතා බිඳීයෑම යනු  පුද්ගලයකුට ජීවිත කාලය තුළදී මුහුණදීමට සිදුවන ඉතා අසීරුදායක තත්ත්වයකි. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, විවාහයෙන් දික්කසාද වීම, තමාගේ ආදරණීයයකු මියයෑම වැනි විවිධාකාර සමීප සම්බන්ධතාවන් බිඳවැටීම කෙනකු තුළ ඇතිකරවන්නේ ඉතා පීඩාකාරී මානසික තත්ත්වයකි.

අනෙක් පුද්ගලයා විසින් සබඳතාව අවසන් කිරීම හෝ තමා විසින්ම සබඳතාව අවසන් කිරීම යනු කුමන හෝ තත්ත්වයක අවසන් ප්‍රතිඵලය පීඩාකාරී වන්නේ බොහෝ සබඳතාවන් භාවමය හා  හැඟීම්බර ඒවා වීමයි. ඇතැම් සබඳතා කෙටිකාලීන වුවද තවත් සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඒවා වීමට පුළුවන. කාලසීමාව කෙටි හෝ දිගුකාලීන වුවත් එම සම්බන්ධතා බිඳ වැටීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මානසික ව්‍යාකූලතාවකට  පත්වීමයි. විරහ වේදනාව යනුවෙන්ද හැඳින්වෙන මෙම තත්ත්වය පාලනය කිරීම හෝ කළමනාකරණය කර ගැනීම විධිමත් ආකාරයට සිදු නොකිරීමෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත.

සබඳතා බිඳවැටීම නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය සමබරතාව ගිලිහී යෑමට පුළුවන. එසේම ඒ තත්ත්වය තුළදී එදිනෙදා ජීවිතයේ කටයුතු බිඳවැටීම, අධ්‍යාපනයට හෝ ආර්ථිකයට හෝ වෙනත් සමාජමය අවස්ථාවන්වලට හානි පැමිණවීම හෝ ශාරීරික හානි හෝ සියදිවි නසා ගැනීම් දක්වාම  මෙම තත්ත්වය ගමන් කිරීමටත් පුළුවන. සබඳතා බිඳ වැටීමේදී පසුව ඇතිවන තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත්, අවසන් වූ සබඳතාව මතම නොසිට ඉදිරි අනාගතය වඩාත් යහපත් අයුරින් සකසා ගැනීමට හැකිවනු ඇත. බිඳී ගිය සබඳතාවකින් පසු නැවත යථා තත්ත්වයට පැමිණීමට පියවර කිහිපයක් ඔස්සේ කටයුතු කිරීමට පුළුවන.

1 තමාට හැඟෙන දේ පිළිගැනීම

පෙම් සබඳතාව බිඳී යෑම හෝ දික්කසාද වීම හෝ වෙනත් කිසියම් ආකාරයක සම්බන්ධතාවක් බිඳ වැටීමෙන් පසු ඇතිවන්නේ ධනාත්මක සිතුවිලි නොවේ. දුක, වේදනාව, කම්පනය, ප්‍රතික්ෂේප වීම, පාවා දුන් බව හැඟීම, බය හෝ තමා ලැජ්ජාවට පත් වූවා වැනි හැඟීම වැනි පරාජිත හැඟීම් ඇතිවීම සබඳතාවක් අවසන් වූ විට ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බව පිළිගනිමින් එම හැඟීම් සඳහා මුහුණ දීම පළමුවැනි පියවර යටතේ සිදුකළ යුතුය. තමාගේ සබඳතාව අවසන් වූ බවත් තවදුරටත් තමාගේ සහකරු හෝ සහකාරිය තමා සමඟ නොසිටින බවත් ඒ සඳහා තමන් තනිව මුහුණ දිය යුතු බවත් අවබෝධ කර ගැනීම සිදුකළ යුතුය. එවිට මෙම තත්ත්වයට ධනාත්මකව මුහුණ දීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත.

2 හැඟීම් පාලනය කර ගැනීම සඳහා කෙටිකාලීන ක්‍රමවේදයන් අනුගමනය කිරීම

විශේෂයෙන්ම දිගුකාලීනව පැවති ප්‍රේම සම්බන්ධතාවක් හෝ විවාහය වැනි සම්බන්ධතාවක්  බිඳ වැටුණු විට එය දරා ගැනීම හා ඉන්පසු ඇතිවන බාධාකාරී හෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණදී තනිවම නැවත ධනාත්මක ලෙස ගොඩනැඟීම ඉතා අපහසු වීමට පුළුවන. මෙවැනි අවස්ථාවකදී වෘත්තීය මැදිහත්වීමක් සිදුවන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. සුදුසුකම් ලත් හා පළපුරුද්ද සහිත වෘත්තීය මනෝ උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම මෙහිදී විශේෂයෙන්ම වැදගත් වේ. මෙතෙක් තම ජීවිතයේ කොටසක් හෝ ජීවිතයම ලෙස  සැලකූ සහකරු හෝ සහකාරියගෙන් වෙන්වීමෙන් පසු, භාවමය වශයෙන් ඉතා අපහසු හා ව්‍යාකූල තත්ත්වයක සිටියදී  එම තත්ත්වය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා එම වෘත්තීය මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. සබඳතාව බිඳී යෑම තුළින් ඇති වූ ගැටලුකාරී හා පීඩාදායක තත්ත්වය තුළින් නිවැරදි තීරණ ගැනීමේදී මනසේ  නිරවුල් සමබරතාව ගිලිහී යෑම  සිදුවන නිසා වෘත්තීය මනෝ උපදේශකවරයකුගේ  සහාය ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක තත්ත්වයක් ළඟා කර  ගැනීමට හැකිවනු ඇත.

එසේම සබඳතාව බිඳී යෑම තුළින් ඇති වූ ශෝකයෙන් හෝ දුක්බර තත්ත්වයේ දිගටම ගිලී නොසිට, තමා තනිව හුදෙකලා නොවෙමින් තමාගේ යහළුවන්, පවුල හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමඟ වඩාත් සමීපව හා ක්‍රියාශීලී ලෙස සමාජයීය ජීවිතයක් ගත කිරීම තවත් සාර්ථක පියවරකි. බිඳී ගිය සබඳතාව තුළින් ඇති වූ පාළුව, කාන්සිය, ශෝකය වැනි පීඩාකාරී, සෘණාත්මක හැඟීම් වෙනුවට මිත්‍රශීලී ධනාත්මක හැඟීම් ඔබ තුළ වර්ධනය වනු ඇත. එමෙන්ම  පවුල හෝ හිතමිතුරන්ගේ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වීම හේතුවෙන් ඔබට ශෝක වීමට කාලයක් ඉතිරි නොවනු ඇත.  මිතුරන් හා ඇතිවන සබඳතාවන් හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමඟ ඇතිවන සබඳතාවන් ඔබට අනාගතයේදී නව සබඳතාවන් ගොඩනඟා ගැනීමට මඟ පාදනු ඇත. එසේම මේ තුළින් ඔබ තුළ ඇතිව තිබූ  මානසික අවපීඩනකාරී තත්ත්වයන් අවම කරනු ඇත.

ඇතැම් සබඳතාවන් බිඳී යෑම තුළින් ඔබගේ ජීවිතය උඩු යටිකුරු කරනු ඇත. විවාහය වැනි සබඳතාවක් බිඳීයෑම තුළින් ඔබ ජීවත්වෙන ස්ථානය පවා වෙනස් වීමේ අවදානමක් මතුවේ. තමා මෙතෙක් කල් ජීවත් වූ වටපිටාවෙන් ඉවත්වී ආදරය කළ පිරිසකගෙන් දුරස් වී යෑමට සිදුවීම තුළින් දැඩි ආතතිකාරී තත්ත්වයක්  ඇතිවනු ඇත. එසේම ඒ තුළින් දුක, අසහනය හා තනිවීම වැනි  මනෝභාවයන්ට ඔබ ගොදුරු වනු ඇත.

මෙවැනි අවස්ථාවක් ඔබ හොඳින් කළමනාකරණය කර නොගතහොත්  ඔබගේ මානසික සමබරතාව පමණක් නොව ශාරීරික සෞඛ්‍ය පවා අවදානමකට හෙලෙනු ඇත. මෙබඳු අවස්ථාවකදී ඔබ විසින් නව ස්ථානයක  ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය. අලුත් ස්ථානයක පදිංචි වීම සඳහා ඔබට අවශ්‍ය කරන මූල්‍යමය තත්ත්වයක් නොමැති නම් ඔබට සමීපතම පුද්ගලයකුගෙන් හෝ පවුලෙන් හෝ යම්කිසි උදව්වක් ලබා ගනිමින් නව ස්ථානයක ඔබගේ ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය. ඉන්පසු ඔබගේම දෙපයින් නැඟී සිටීම සඳහා අවශ්‍ය කරන කටයුතු සැලසුම් කළ යුතුය.

3 දිගුකාලීන විසඳුම් සඳහා අවධානය යොමු කිරීමමානසික සෞඛ්‍ය වර්ධනය කරගැනීම.

ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි. දුක, ශෝකය වැනි කරුණු සඳහා වුවද මෙම පොදු ධර්මතාව එකසේ අදාළ වේ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පැන නඟින දුක හෝ ශෝකය සැමදා පවතින්නේ නැත. සබඳතාවක් අවසන්වීමෙන් පසු ඇතිවන  අර්බුදකාරී, ශෝකජනක හා ව්‍යාකූල තත්ත්වයද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇත. පෙම්වතා හෝ පෙම්වතිය නොමැතිව ජීවත් වීමට නොහැකිය යන මතයක මුලින් සිටියද, සබඳතාවක් අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් එම අදහස  කාලය ගතවීම සමඟ සහ එය කළමනාකරණය කර ගන්නා ආකාරය අනුව එම තත්ත්වය වෙනස් වී යයි.

සබඳතාව බිඳීයෑමට සාර්ථක ලෙස  මුහුණදීමට මානසික සෞඛ්‍ය හා මානසික සමබරතාව රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ඔබ සමාජශීලී හා ක්‍රියාකාරීව සිටිය යුතුවේ. මේ තුළින් ඔබගේ වියෝ වේදනාව හා ආතතිකාරී තත්ත්වය ක්‍රමයෙන් පහව යෑම සිදුවනු ඇත. මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා  ධනාත්මකව  සිතීම හා භාවනාව, යෝග වැනි ක්‍රමවේදයන් ඔබට භාවිත කිරීමට පුළුවන.

තවත් කොටසක් ලබන සතියේ

සංජිවනී සෙනෙවිරත්න

මනෝ උපදේශිකා

ප්‍රජා  විශෝධන

නිලධාරිනී – ප්‍රජා පාදක විශෝධන

දෙපාර්තමේන්තුව

උපදේශන

මනෝවිද්‍යාව පිළිබඳ

පශ්චාද් උපාධි -(කොළඹ වි.වි) අපරාධ

විද්‍යාව හා අපරාධ

යුක්තික්‍රමය පිළිබඳ

විශේෂ උපාධි –

(ශ්‍රී ජයවර්ධනපුර වි.වි)

මත්ද්‍රව්‍ය උපදේශනය

පිළිබඳ විශේෂ පුහුණු